පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2016 ජුනි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2016 ජුනි මස 21 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2016.06.09 දින අංක 76 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2016 ජුනි මස 22 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසිමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති) (2016.06.09 දින අංක 76 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2016 ජුනි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2016.06.09 දින අංක 76 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2016 ජුනි මස 24 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | අභාවප්‍රාප්ත හිටපු පා.ම. ගරු ඩී. එම්. ගුණසේකර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| ප.ව. 01.30 සිට ප.ව. 06.30 | හිටපු පා.ම. සහ හිටපු ඉඩම් අමාත්‍ය, අභාවප්‍රාප්ත ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2016 ජුනි මස 08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2016 ජුනි මස 09 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
|
2016 ජුනි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 05.30 | මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගත්වය |
|
2016 ජුනි මස 10 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | උතුරේ සහ නැගෙනහිර වෙසෙන ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2016 මැයි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2016 ජුනි මස 07 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | අධ්‍යාපනය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2016 ජුනි මස 08 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගත්වය (2016.04.26 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 3 (පා. 175/’16) බලන්න) |
|
2016 ජුනි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | උතුරේ සහ නැගෙනහිර වෙසෙන ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය |
|
2016 ජුනි මස 10 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් (2016.05.25 දින අංක 73 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 බලන්න) |
| ප.ව. 01.30 සිට ප.ව. 06.30 | පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (2016.05.25 දින අංක 73 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2016 මැයි මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මැයි මස 25 වැනි බදාදා දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු එම දිනයේදී විවාදයට ගැනීමට එකඟ විය:-
|
2016 මැයි මස 25 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 03.00 | ගංවතුර නිසා ඇති වූ හානි සහ සහන කටයුතු පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
2016 මැයි මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2016 මැයි 20 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය.
|
2016 මැයි මස 20 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසිමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති) (2016.05.17 දින අංක 69 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2016 මැයි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2016 මැයි මස 17 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් තත්වය සහ එහි අනාගතය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2016 මැයි මස 18 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් තත්වය සහ එහි අනාගතය පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2016 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග (2016.05.06 දින අංක 68 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 157 බලන්න) (iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (2016.05.06 දින අංක 68 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 158 බලන්න) (iv) විසර්ජන පනත යටතේ යෝජනා හතක් (ඉහත යෝජනා 2016.05.06 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 3(1) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2016 මැයි මස 20 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසිමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති) (2016.02.25 දිනැති අංක 1955/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ඉහත යෝජනාව, 2016.05.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2016.05.06 දින නිකුත් කළ අංක 3(1) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී) |
| ප.ව. 01.30 සිට ප.ව. 06.30 | ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් (2016.05.06 දින අංක 68 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 160 සහ 161 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2016 අප්‍රේල් මස 05 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී -
|
2016 මැයි මස 03 වනදා, අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම (2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 යටතේ දැක්වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2016 මැයි මස 04 වනදා, බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ක්ෂුද්‍රමුල්‍ය පනත් කෙටුම්පත - දෙවනවර කියවීම (2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 යටතේ දැක්වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) |
|
2016 මැයි මස 05 වනදා, බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | ව්‍යවස්ථාදායක මණ්ඩලයේ දෙවන සභා වාරය |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පරිපූරක මුදල - 240 ශීර්ෂය - 2 වැඩසටහන (2016-04-05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 13 යටතේ දැක්වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2016 මැයි මස 06 වනදා, සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | Qවාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2016 අප්‍රේල් මස 05 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අප්‍රේල් 07 වැනි බ්‍රහස්පතින්දා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී.
|
2016 අප්‍රේල් මස 07 වන බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 | ක්‍රීඩා පනත යටතේ තහනම් උත්තේජක භාවිතයට එරෙහි ප්‍රඥප්තිය යටතේ එන විධිවිධාන (2016.04.05 දින පාර්ලිමේන්තුවේ අංක 62 දරන න්‍යාය පුස්තකයේ විෂය අංක 4 යටතේ දැක්වේ) |
| ප.ව. 01.30 සිට ප.ව. 07.30 | "විදුලි අර්බුදය" පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks