logo

E   |     |  

පෙන්වන්න

2016 සැප්තැම්බර් මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2016 සැප්තැම්බර් 9 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2016 සැප්තැම්බර් මස 9 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 04.30 ‍ දේශගුණික වෙනස්වීම් පිළිබඳ පැරිස් ගිවිසුම
(2016.09.07 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී)

2016 අගෝස්තු මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 කාර්මික ආරවුල් පනත යටතේ නියෝග
(2016.08.23 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 24 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2016 සැප්තැම්බර් මස 07 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්
(2016.08.23 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් අංක 22 සහ 26 දරන අයිතමයන් බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 සැප්තැම්බර් මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (ජ.වි.පෙ)
 
2016 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා
(i)     ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව
(පා.8/’15)
(ii)    ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.143/’15)
(iii)   ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15)
(iv)   ගරු හේෂා විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15)
(v)    ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.154/’15)
(vi)   ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.162/’15)
(vii)  ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාගේ යෝජනාව (පා.177/’15)
(viii) ගරු සිසිර ජයකොඩි මහතාගේ යෝජනාව (පා.179/’15)
(ix)   ගරු ජේ. සී. අලවතුවල මහතාගේ යෝජනාව (පා.180/’15)

(ඉහත යෝජනා 2016.08.12 දින නිකුත් කළ අංක 4(1) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක)

2016 අගෝස්තු මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 අගෝස්තු මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2016.08.10 දින අංක 89 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2016 අගෝස්තු මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(පිළිවෙළින් 2016.01.20, 2016.01.28, 2016.02.29, 2016.03.08, 2016.04.01, 2016.05.12, 2016.05.20 සහ 2016.06.16 දිනැති අංක 1950/30, 1951/28, 1956/10, 1957/5, 1960/59, 1966/26, 1967/57 සහ 1971/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද ඉහත නියමයන් 2016.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2016.08.12 දින නිකුත් කළ අංක 4(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(ii) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(2016.06.16 දිනැති අංක 1971/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ඉහත යෝජනාව 2016.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2016.08.12 දින නිකුත් කළ අංක 4(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක්
(පිළිවෙළින් 2016.04.29, 2016.05.02, 2016.05.16 සහ 2016.05.19 දිනැති අංක 1964/70,1965/2, 1967/5 සහ 1967/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද ඉහත නියමයන් 2016.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2016.08.12 දින නිකුත් කළ අංක 4(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 අගෝස්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 මරණ ලියාපදිංචි කිරී‍මේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.08.10 දින අංක 89 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2016 අගෝස්තු මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 අභාවප්‍රාප්ත ගරු ඩී. එම්. ගුණසේකර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 01.30 සිට ප.ව. 06.30 අභාවප්‍රාප්ත ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2016 අගෝස්තු මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී:-

2016 අගෝස්තු මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.07.29 දින පළ කරන ලද අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අයිතම අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 අගෝස්තු මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.07.29 දින පළ කරන ලද අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අයිතම අංක 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස)
 
2016 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය - පවත්වා සම්මත කිරීමට නියමිතයි
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2016 අගෝස්තු මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණපාන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (ජ.වි.පෙ)

2016 ජූලි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 අගෝස්තු මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග
(2016.07.21 දින අංක 86 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 14 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 අගෝස්තු මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.07.21 දින අංක 86 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස)
 
2016 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.07.21 දින අංක 86 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2016 අගෝස්තු මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණපාන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (ජ.වි.පෙ)

2016 ජූලි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 ජූලි මස 19 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය)
 
2016 ජූලි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2016 ජූලි මස 08 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනු ලැබුවහොත් එම පනත් කෙටුම්පත වෙනුවට මතු දැක්වෙන අයිතමය විවාදය සඳහා ගැනීමට සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකඟ වන ලදී.
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්‍රීඩා පනත යටතේ නියෝග
(2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 12 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2016 ජූලි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති
(2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 15 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 06.30 ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග තුනක්
(ඉහත නියෝග දෙකක් 2016.07.07 දින අංක 83 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 සහ 10 වශයෙන් සඳහන් වන අතර, අනෙක් නියෝගය 2016.06.07 දිනැති අංක 1970/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අතර 2016.07.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව ඒ පිළිබඳ යෝජනාව 2016.07.08 දින නිකුත් කළ අංක 3(5) දරන පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 ජූලි මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)

2016 ජුනි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 ජූලි මස 05 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 හෝමියෝපති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2016.06.21 දින අංක 78 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2016 ජූලි මස 06 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - රාමසාන් උත්සවය)
 
2016 ජූලි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2016.06.21 දින අංක 78 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2016 ජූලි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග
(iii) සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(2016.06.21 දින අංක 78 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් අංක 11, 12 සහ 6 දරන අයිතමයන් බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2016 ජුනි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2016 ජුනි 24 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය.

2016 ජුනි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම පිළිබඳ කල් තබන ලද විවාදය
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks