logo

E   |     |  

පෙන්වන්න

2017 පෙබරවාරි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 පෙබරවාරි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2017.02.07 දින අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)

(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක්
(එක් නියමයක් 2017.02.07 දින අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 වශයෙන් සඳහන් වන අතර, පිළිවෙළින් 2016.12.06 දිනැති සහ 2017.01.30 දිනැති අංක 1996/26 සහ 2004/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද අනෙක් නියමයන් දෙක 2017.02.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2017.02.09 දින නිකුත් කළ අංක 5(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(2017.02.07 දින අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 14 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2017 පෙබරවාරි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.00 “ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම්” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)
 
2017 පෙබරවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග
(2017.02.07 දින අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 01.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.02.07 දින අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 16 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)

2017 ජනවාරි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 පෙබරවාරි මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මෝටර් වාහන පනත යටතේ නියෝග
(2017.01.24 දින අංක 140 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 12 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2017 පෙබරවාරි මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.01.24 දින අංක 140 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 8 බලන්න)
(ii) (235 අධිකාරය වූ) රේගු ආඥා පනත යටතේ නියමය
(මෙම නියමය 2016.11.10 දිනැති අංක 1992/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදුව 2017.01.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.01.27 දින නිකුත් කළ අංක 5(5) දරන පරිපූරකයේ පළ කරන ලදී)
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(මෙම නියමය 2016.11.10 දිනැති අංක 1992/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදුව 2017.01.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.01.27 දින නිකුත් කළ අංක 5(5) දරන පරිපූරකයේ පළ කරන ලදී)
(iv) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(මෙම නිවේදනය 2016.10.03 දිනැති අංක 1987/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදුව 2017.01.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.01.27 දින නිකුත් කළ අංක 5(5) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 පෙබරවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දිවි නැගුම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.01.24 දින අංක 140 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)
ප.ව. 01.00 සිට ප.ව. 06.30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(මෙම නියෝග 2016.10.21 දිනැති අංක 1989/61 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදුව 2017.01.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.01.27 දින නිකුත් කළ අංක 5(5) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2017 පෙබරවාරි මස 10 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය)

2017 ජනවාරි මස 9 සහ 24 දිනයන්හි දී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 ජනවාරි මස 24 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 2016.10.28 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2017 ජනවාරි මස 25 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(2017.01.09 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)
(ii) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝගය
(2017.01.09 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 බලන්න)
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(පිළිවෙළින් 2016.10.03 දිනැති සහ 2016.11.10 දිනැති අංක 1987/8 සහ 1992/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද ඉහත නියමයන් දෙක 2017.01.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.01.09 දින නිකුත් කළ අංක 5(3) දරන පරිපූරකයේ පළ කරන ලදී.)
(iv) ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරී‍මේ) පනත යටතේ නියමය
(ඉහත නියමය 2016.11.08 දිනැති අංක 1992/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදුව 2017.01.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.01.09 දින නිකුත් කළ අංක 5(3) දරන පරිපූරකයේ පළ කරන ලදී.)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2017 ජනවාරි මස 26 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.01.09 දින අංක 139 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 ජනවාරි මස 27 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු එම්.එච් මොහොමඩ් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2016 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග එකොළහක්
(2016.10.20 දින අංක 108 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සිට 20 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2016 ඔක්තෝබර් මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 ඔක්තෝබර් මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 විසර්ජන පනත් කෙටුම්පත (2017) ඉදිරිපත් කිරීම (පළමුවැනි වර කියවීම)
 
2016 ඔක්තෝබර් මස 25 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2016 ඔක්තෝබර් මස 26 වැනි බදාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(iii) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම

(ඉහත පනත් කෙටුම්පත් තුන 2016.10.06 දින අංක 106 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් අංක 3, 5 සහ 6 වශයෙන් දැක්වේ)

(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2016 ඔක්තෝබර් මස 04 වැනි අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
 
2016 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(2016.10.06 දින අංක 106 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
   
  ශෝක ප්‍රකාශ යෝජනා-
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 අභාවප්‍රාප්ත ගරු ජෝර්ජ් පැල්පොල මහතා
ප.ව. 01.30 සිට ප.ව. 06.30 (i) අභාවප්‍රාප්ත ගරු එස්.එල්. ගුණසේකර මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු කේ.එන්. චොක්සි මහතා

2016 ඔක්තෝබර් මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී:-

2016 ඔක්තෝබර් මස 04 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ii) නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම

(2016.10.04 දින අංක 104 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ)
 
2016 ඔක්තෝබර් මස 05 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග හතරක්
(2016.10.04 දින අංක 104 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 8 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස)
 
2016 ඔක්තෝබර් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග
(2016.10.04 දින අංක 104 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2016 ඔක්තෝබර් මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා හයක්
(i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව
(පා.8/’15)
(ii) ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.143/’15)
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15)
(iv) ගරු හේෂා විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15)
(v) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.154/’15)
(vi) ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.162/’15)

(ඉහත යෝජනා 2016.09.09 දින නිකුත් කළ අංක 4(3) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2016 සැප්තැම්බර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 ඔක්තෝබර් මස 04 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ii) ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම

(2016.09.22 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ)
 
2016 ඔක්තෝබර් මස 05 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ii) නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම

(2016.09.22 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සහ 5 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස)
 
2016 ඔක්තෝබර් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග හතරක්
(2016.09.22 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 14 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2016 ඔක්තෝබර් මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග
(2016.09.22 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2016.09.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2016 සැප්තැම්බර් මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2016 සැප්තැම්බර් මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව
(ii) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය

(2016.09.08 දින අංක 98 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් අයිතම අංක 12, 1 සහ 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2016 සැප්තැම්බර් මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරි‍යගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම

(ii) ස්වාධීන කොමිෂන් සභාවන්හි සභාපතිවරයන් හා සාමාජිකයන් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා

(2016.09.08 දින අංක 98 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 13 සහ 14 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2016 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2016.09.08 දින අංක 98 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2016 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
  ශෝක ප්‍රකාශ යෝජනා-
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 (i) අභාවප්‍රාප්ත ගරු ඩී. එම්. ගුණසේකර මහතා
ප.ව. 01.30 සිට ප.ව. 06.30 (ii) අභාවප්‍රාප්ත ගරු ඉන්දික ගුණවර්ධන මහතා

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks