logo

E   |     |  

පෙන්වන්න

2017 මැයි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 ජුනි මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2017 ජුනි මස 07 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.05.23 දින අංක 166 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2017 ජුනි මස 08 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පොසොන් පුර පසළොස්වක පෝය දිනය)
 
2017 ජුනි මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා එකොළහක්
(i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව
(පා.9/’15)
(ii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15)
(iii) ගරු හේෂාන් විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15)
(iv) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.155/’15)
(v) ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.178/’16)
(vi) ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාගේ යෝජනාව (පා.177/’16)
(vii) ගරු සිසිර ජයකොඩි මහතාගේ යෝජනාව (පා.179/’16)
(viii) ගරු ජේ. සී. අලවතුවල මහතාගේ යෝජනාව (පා.180/’16)
(ix) ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.181/’16)
(x) ගරු අශෝක ප්‍රියන්ත මහතාගේ යෝජනාව (පා.189/’17)
(xi) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ යෝජනාව (පා.190/’17)

(ඉහත යෝජනා 2017.04.21 දින නිකුත් කළ අංක 6 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2017 මැයි මස 3 සහ 17 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 මැයි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 2015 අංක 16 දරන විසර්ජන පනත යටතේ යෝජනා හතක්
(මෙම යෝජනා 2017.05.05 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 6(1) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2017 මැයි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 විදේශ විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම 
(2017.05.05 දින අංක 165 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “පුද්ගලික සමාගමකට මොණරාගල සහ බිබිලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීම” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)

2017 මැයි මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 දිවිනැගුම පනත යටතේ නියෝග
(මෙම නියෝග 2017.05.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.05.05 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 6(1) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2017 අප්‍රේල් මස 26 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අප්‍රේල් මස 28 වැනි දින පහත සඳහන් කටයුතු විවාදයට ගැනීමට එකඟ විය:-

2017 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 06.30 “මීතොටමුල්ල ඛේදවාචකය” පිළිබඳ කල් තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)
 
2017 අප්‍රේල් මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 මැයි මස 03 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක්
(පිළිවෙළින් 2016.11.21, 2016.12.09, 2016.12.20, 2017.01.06, 2017.01.18, 2017.01.27, 2017.02.16, 2017.02.23, 2017.02.26 සහ 2017.03.07 දිනැති අංක 1994/20, 1996/50, 1998/5, 2000/85, 2002/29, 2003/43, 2006/41, 2007/38, 2007/44 සහ 2009/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙම නියමයන් 2017.04.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.04.07 දින නිකුත් කළ අංක 5(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(ii) රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක්
(පිළිවෙළින් 2016.12.02 සහ 2017.01.06 දිනැති අංක 1995/37 සහ 2000/86 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙම යෝජනා 2017.04.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.04.07 දින නිකුත් කළ අංක 5(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යට‍තේ නියමයන් තුනක්
(පිළිවෙළින් 2016.12.27, 2017.01.03 සහ 2017.01.25 දිනැති අංක 1999/23, 2000/8 සහ 2003/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙම නියමයන් 2017.04.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.04.07 දින නිකුත් කළ අංක 5(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(iv) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(2016.11.11 දිනැති අංක 1992/51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද මෙම නියෝගය 2017.04.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2017.04.07 දින නිකුත් කළ අංක 5(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(v) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත
(මෙම පනත් කෙටුම්පත 2017.04.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2017 මැයි මස 04 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 14 බලන්න)
(ii) සමාගම් පනත යටතේ නියෝග
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2017 මැයි මස 05 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 තානාපති වරප්‍රසාද පනත යටතේ නියමය
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2017 අප්‍රේල් මස 04 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2017 අප්‍රේල් මස 06 වැනි බ්‍රහස්පතින්දා සහ 07 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2017 අප්‍රේල් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 03.00 “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2017 අප්‍රේල් මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ කල්තැබූ ශෝක ප්‍රකාශ යෝජනාව තවදුරටත් කරගෙන යෑම
ප.ව. 01.30 සිට ප.ව. 06.30 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනයන් දෙකක්
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 4 බලන්න)
(ii) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
(iii) ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝග
(2017.04.04 දින අංක 158 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2017 මාර්තු මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 අප්‍රේල් මස 04 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.03.21 දින අංක 154 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2017 අප්‍රේල් මස 05 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(2017.03.21 දින අංක 154 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 සහ 14 බලන්න)

(ii) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2017.02.14 දිනැති අංක 2006/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කළ මෙම නියෝග, 2017.03.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017 මාර්තු මස 24 වැනිදා නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 5(9) දරන පරිපූරකයේ පළ කරන ලදී)

(iii) ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝග
(2017.03.21 දින අංක 154 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 අප්‍රේල් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2017 අප්‍රේල් මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා නවයක්

(i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව
(පා.9/’15)
(ii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15)
(iii) ගරු හේෂාන් විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15)
(iv) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.155/’15)
(v) ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.163/’15)
(vi) ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාගේ යෝජනාව (පා.177/’16)
(vii) ගරු සිසිර ජයකොඩි මහතාගේ යෝජනාව (පා.179/’16)
(viii) ගරු ජේ. සී. අලවතුවල මහතාගේ යෝජනාව (පා.180/’16)
(ix) ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.181/’16)

(ඉහත යෝජනා 2017.03.10 දින පළ කළ අංක 5(8) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2017 මාර්තු මස 7 සහ 9 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 මාර්තු මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “රටේ පවත්නා ආර්ථික තත්ත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2017 මාර්තු මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම - 2016 (විෂය අංක - 01002)
(2017.03.07 දින අංක 150 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2017 මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.03.07 දින අංක 150 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)
(ii) සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීම පනත යටතේ නියමය
(2017.03.07 දින අංක 150 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
(iii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(2017.03.07 දින අංක 150 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2017 පෙබරවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 මාර්තු මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
2017.02.23 දින අංක 149 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සහ 11 බලන්න
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2017 මාර්තු මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.02.23 දින අංක 149 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2017 මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “මාලබේ පිහිටි තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනයට (සයිටම්) අදාළව පවතින කරුණු” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2017 මාර්තු මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 01.00 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා හතරක්
(i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව
(පා.9/’15)
(ii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15)
(iii) ගරු හේෂාන් විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15)
(iv) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.154/’15)

(ඉහත යෝජනා 2016.12.10 දින නිකුත් කළ අංක 5 දරන න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 01.30 සිට ප.ව. 07.30 “රටේ පවත්නා අධික නියං තත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආහාර, ජලය සහ බලශක්ති අර්බුදය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks