පෙන්වන්න
2017 අගෝස්තු මස 24 සහ 25 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 සැප්තැම්බර් මස 05 වැනි අඟහරුවාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය) | |
|
2017 සැප්තැම්බර් මස 06 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි) |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි) |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක් (පිළිවෙළින් 2017.06.09, 2017.06.19 සහ 2017.07.11 දිනැති අංක 2022/30, 2024/1 සහ 2027/7 දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍ර 2017.08.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.08.25 දින නිකුත් කළ අංක 7(1) දරන පරිපූරකයේ පළ කරන ලදී.) (ii) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය (2017.08.25 දින අංක 193 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) (iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (2017.08.25 දින අංක 193 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 22 සහ 2017.08.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017.06.14 දිනැති අංක 2022/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2017.08.25 දින නිකුත් කළ අංක 7(1) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
|
2017 සැප්තැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 | දේශීය ආදායම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.08.25 දින අංක 193 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) |
|
2017 සැප්තැම්බර් මස 08 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා හතක් (i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා.10/’15) (ii) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.156/’15) (iii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.169/’16) (iv) ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.183/’16) (v) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ යෝජනාව (පා.191/’17) (vi) ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ යෝජනාව (පා.192/’17) (vii) ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.195/’17) (ඉහත යෝජනා 2017.08.11 දින නිකුත් කළ අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2017 අගෝස්තු මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 අගෝස්තු මස 22 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) පරිපූරක මුදල – ශීර්ෂය 117 – වැඩසටහන – 2 (උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා) (මෙය 2017.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.08.11 දින නිකුත් කළ අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී) (ii) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග (iii) ක්‍රීඩා පනත යටතේ නියෝගය (ඉහත (ii) සහ (iii) නියෝග 2017.08.10 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සහ 5 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2017 අගෝස්තු මස 23 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | “රටේ ඇතැම් දිස්ත්‍රික්කයන්හි පවතින නියං තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.) |
|
2017 අගෝස්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.08.10 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 අගෝස්තු මස 25 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 07.30 | (i) දේශීය ආදායම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.08.10 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න) (ii) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය (2017.02.21 දිනැති අංක 2007/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද මෙම නියෝගය 2017.08.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.08.11 දින නිකුත් කළ අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී) |
2017 ජූලි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අගෝස්තු මස 04 වැනි සිකුරාදා දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට සුබ පැතීම පිණිස විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළේය.
|
2017 අගෝස්තු මස 04 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 | ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට සුබ පැතීම |
2017 ජූලි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 අගෝස්තු මස 08 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (ii) ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.07.25 දින අංක 181 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 12 සහ 15 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2017 අගෝස්තු මස 09 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි) |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි) |
| ප.ව. 02.00 සිට ප.ව. 05.00 | ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08) - තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට |
| ප.ව. 05.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම (2017.07.25 දින අංක 181 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 11 සහ 16 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව (2016)” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.) |
|
2017 අගෝස්තු මස 11 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා හතක් (i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා.9/’15) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
2017 ජූලි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 ජූලි මස 25 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විදේශ විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.07.06 දින අංක 179 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2017 ජූලි මස 26 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක් (ii) රේගු ආඥාපනත යටතේ යෝජනාව (iii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.07.06 දින අංක 179 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 9 සහ 13 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2017 ජූලි මස 27 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග (2017.07.06 දින අංක 179 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 ජූලි මස 28 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා (ii) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු ඒලියන් එම්. නානායක්කාර මහතා (iii) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු කරුපයියා වේලායුදම් මහතා (iv) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) ඩබ්ලිව්. ඒ. විශ්වා වර්ණපාල මහතා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
2017 ජුනි මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 ජූලි මස 04 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) (ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2017 ජූලි මස 05 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි) |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි) |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) (ii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 ජූලි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) වෙළඳ නැව් පනත යටතේ නියෝග (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 බලන්න) (ii) ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.06.22 දින අංක 175 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
|
2017 ජූලි මස 07 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා එකොළහක් (i) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා.9/’15) (ii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා.145/’15) (iii) ගරු හේෂාන් විතානගේ මහතාගේ යෝජනාව (පා.150/’15) (iv) ගරු ලකී ජයවර්ධන මහතාගේ යෝජනාව (පා.155/’15) (v) ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාව (පා.178/’16) (vi) ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාගේ යෝජනාව (පා.177/’16) (vii) ගරු සිසිර ජයකොඩි මහතාගේ යෝජනාව (පා.179/’16) (viii) ගරු ජේ. සී. අලවතුවල මහතාගේ යෝජනාව (පා.180/’16) (ix) ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාගේ යෝජනාව (පා.181/’16) (x) ගරු අශෝක ප්‍රියන්ත මහතාගේ යෝජනාව (පා.189/’17) (xi) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ යෝජනාව (පා.190/’17) (ඉහත යෝජනා 2017.06.09 දින නිකුත් කළ අංක 3(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2017 ජුනි මස 5 සහ 9 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2017 ජුනි මස 20 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (2017.06.09 දින අංක 172 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 155 බලන්න) (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (2017.05.19 දිනැති අංක 2019/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කළ මෙම නියෝග, 2017.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.06.09 දින නිකුත් කළ අංක 6(3) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 ජුනි මස 21 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.05.26 දින අංක 169 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2017 ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් (පිළිවෙළින් 2016.12.15 සහ 2016.12.20 දිනැති අංක 1997/16 සහ 1998/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙම නිවේදන 2017.06.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2017.06.09 දින නිකුත් කළ අංක 6(3) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.) |
|
2017 ජුනි මස 23 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු ආරියරත්න ජයතිලක මහතා (ii) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රා රණතුංග මහතා (iii) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු මෛත්‍රීපාල හේරත් මහතා (iv) හිටපු පා.ම., අභාවප්‍රාප්ත ගරු ඒ.එම්.එස්. අධිකාරී මහතා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
2017 ජුනි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2017 ජුනි මස 7 වැනි බදාදා සහ 9 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
|
2017 ජුනි මස 07 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ක්‍රීඩා පනත යටතේ නියෝග (2017.05.26 දින අංක 169 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
|
2017 ජුනි මස 09 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “රටේ ඇති වූ ගංවතුර ව්‍යසනය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.) |