logo

E   |     |  

පෙන්වන්න


2017 දෙසැම්බර් මස 7 සහ 2018 ජනවාරි මස 9 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත පිළිබඳ වාර්තාව - සලකා බැලීම
(2017.12.07 දින අංක 230 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 23 බලන්න)
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අවසන් කෙටුම්පත - අනුමත කිරීමට
(මෙම ලේඛනයේ අවසන් කෙටුම්පත 2017.11.07 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
 

2018 ජනවාරි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.12.11 දින නිකුත් කළ අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 04.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන
(2018.01.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017.12.04 දිනැති අංක 2048/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 ජනවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2018 ජනවාරි මස 26 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2017 දෙසැම්බර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 දෙසැම්බර් මස 11 වැනි දින පහත සඳහන් කටයුතු විවාදයට ගැනීමට එකඟ විය:-

 

2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 (i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.12.05 දින අංක 7(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)

(ii) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(iii) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(ඉහත පනත් කෙටුම්පත් ද්විත්වය 2017.12.07 දින අංක 230 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 වශයෙන් සඳහන් වේ)

(iv) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(අංක 999 දරන සුරාබදු නිවේදනය)
(2017.12.05 දින අංක 7(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 බලන්න)

(v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(2017.12.09 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 2017.11.30 දින අංක 7(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 5 සහ 6 බලන්න)
 

2017 ඔක්තෝබර් මස 31 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 නොවැම්බර් මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 (i) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.10.20 දින අංක 206 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)
(ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.10.20 දින අංක 206 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
(iii) අපරාධ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.10.20 දින අංක 206 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
(iv) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.10.20 දින අංක 7(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2017 නොවැම්බර් මස 08 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2017 ඔක්තෝබර් මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 ඔක්තෝබර් මස 17 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.10.09 දින අංක 203 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - දීපවාලි උත්සවය)
 

2017 ඔක්තෝබර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “දැනට ඉදිකළ සහ අනාගතයේ දී ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 

2017 ඔක්තෝබර් මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 මෝටර් වාහන පනත යටතේ නියෝග
(2017.09.22 දිනැති අංක 2037/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධනය කරන ලද 2017.09.08 දිනැති අංක 2035/51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2017.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2017.10.09 දින නිකුත් කළ අංක 7(5) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2017 සැප්තැම්බර් මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ඔක්තෝබර් මස 09 වැනි දින පහත සඳහන් කටයුතු විවාදයට ගැනීමට එකඟ විය:-

 

2017 ඔක්තෝබර් මස 09 වැනි සඳුදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

  * විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පහත නම් ඇති පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම -

(i) “මහ නගර සභා (සංශෝධන)”
(ii) “නගර සභා (සංශෝධන)”
(iii) “ප්‍රාදේශීය සභා (සංශෝධන)”

(ඉහත පනත් කෙටුම්පත් තුන 2017.09.26 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)


(iv) රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම

(2017.09.21 දින අංක 199 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2017 සැප්තැම්බර් මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 ඔක්තෝබර් මස 03 වැනි දින සභාවේ කටයුතු සඳහා පහත පරිදි එකඟ විය:-

 

2017 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 02.30 සිට ප.ව. 04.30  

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය සැමරීම

2017 ඔක්තෝබර් මස 04 වැනි බදාදා long-brace කලාපීය සහයෝගිතාවය සඳහා වන දකුණු ආසියානු සංගමයේ (සාර්ක්) රටවල කථානායකවරුන්‌ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගම‌යේ 8 වැනි සමුළුව හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොමැත.
2017 ඔක්තෝබර් මස 05 වැනි බ්‍රහස්පතින්දා
(පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
2017 ඔක්තෝබර් මස 06 වැනි සිකුරාදා
 

2017 සැප්තැම්බර් මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 සැප්තැම්බර් මස 26 වැනි දින පහත සඳහන් කටයුතු විවාදයට ගැනීමට එකඟ විය:-

 

2017 සැප්තැම්බර් මස 26 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30

(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය

(2017.08.01 දිනැති අංක 2030/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කළ මෙම නියෝගය, 2017.09.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)

(ii) උදර්පන පනත යටතේ නියෝග හතරක්

(2017.09.21 දින අංක 199 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සිට 10 දක්වා බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2017 සැප්තැම්බර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2017 සැප්තැම්බර් මස 19 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2017.09.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.09.07 දින අංක 195 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න)
 

2017 සැප්තැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2017.09.07 දින අංක 195 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2017 සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(මෙම නියෝග 2017.09.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.09.08 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 7(2) දරන පරිපූරකයේ පළවිය)
(ii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
(2017.09.07 දින අංක 195 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks