logo

E   |     |  

පෙන්වන්න

2018 මැයි මස 3 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2018 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 මැයි මස 09 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 (i) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ (4) අනු ව්‍යවස්ථාව යටතේ නියම කරන ලද විධිවිධාන අනුව අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළදී යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලද ඉහත අංක (i) සිට (iv) දක්වා වූ පනත් කෙටුම්පත් පිළිබඳව දෙවැනි සභාවාරයේ දී ඉතිරි පියවර ගනු ලබනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 මැයි මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 අතිගරු ජනාධිපතිතුමා විසින් 2018.05.08 දින පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව පිළිබඳ කල් තැබීමේ විවාදය
 
2018 මැයි මස 11 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ජාතික විගණන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ (4) අනු ව්‍යවස්ථාව යටතේ නියම කරන ලද විධිවිධාන අනුව අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළදී යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලද ඉහත පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි සභාවාරයේ දී ඉතිරි පියවර ගනු ලබනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 මාර්තු මස 22 සහ 28 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 අප්‍රේල් මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක්

(2018.03.22 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පිළිවෙළින් 2017.11.06, 2017.11.07, 2017.11.08, 2017.11.20, 2017.12.13, 2017.12.14, 2017.12.31, 2018.01.18, 2018.01.31 සහ 2018.02.15 දිනැති අංක 2044/6, 2044/25, 2044/26, 2046/3, 2049/20, 2049/32, 2051/45, 2054/40, 2056/33 සහ 2058/30 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2018.03.23 දින නිකුත් කළ අංක 8(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(ii) හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (Hydrofluorocarbons - HFC) අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම සඳහා යෝජනා සම්මතය

(2018.03.22 දින අංක 248 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 අප්‍රේල් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 09.30 අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාස භංගත්වය

(මේ පිළිබඳ යෝජනාව 2018.03.26 දින නිකුත් කළ අංක 8(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ විය)
ප.ව. 09.30 විශ්වාස භංග යෝජනා‍ව පිළිබඳ ඡන්ද විමසීම
 
2018 අප්‍රේල් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක්

(2018.03.20 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2018.01.15 දිනැති අංක 2054/6, 2054/8 සහ 2054/9 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2018.03.23 දින නිකුත් කළ අංක 8(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 01.30 සිට ප.ව. 06.30 අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.03.22 දින අංක 248 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා -
(i)   ගරු එස්. අලවි මවුලානා මහතා
(ii)  ගරු කරුපයියා වේලායුදම් මහතා
(iii) ගරු සුරනිමල් රාජපක්ෂ මහතා
(iv) ගරු යූ. බී. විජේකෝන් මහතා
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 මාර්තු මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 මාර්තු මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග
(iii) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 164, 175 සහ 174 බලන්න)

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(විවාදයක් නොමැතිව සම්මත කිරීමට)

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 156 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 මාර්තු මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) විදේශ විනිමය පනත යටතේ නියෝග

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 165, 166 සහ 157 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 මාර්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(ii) බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 173 සහ 163 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 මාර්තු මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් පහක්
(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 167 සිට 171 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 මාර්තු මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 මාර්තු මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග
(v) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 164, 161, 160, 175 සහ 174 බලන්න)

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(විවාදයක් නොමැතිව සම්මත කිරීමට)

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 156 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 මාර්තු මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) විදේශ විනිමය පනත යටතේ නියෝග

(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 165, 166 සහ 157 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 මාර්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පළාත් සභාවල කොට්ඨාසයන් සීමා නිර්ණය කිරීම සඳහා වූ සීමා නිර්ණය කිරීමේ කමිටුවේ වාර්තාව
(මෙම වාර්තාව 2018.03.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2018.03.09 දින නිකුත් කළ අංක 8(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 මාර්තු මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව; සහ
  • බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව
පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

බරපතල වංචා, දූෂණ ආදිය පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තනය 2018.03.19 දින වන විට පාර්ලිමේන්තුව වෙත නොලැබුණහොත්, ඉහත සඳහන් කල් තැබීමේ විවාදය වෙනුවට පහත සඳහන් නියමයන් විවාදයට ගැනීමට එකඟ විය -

  නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් පහක්
(2018.03.09 දින අංක 245 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 167 සිට 171 දක්වා බලන්න)
 
2018 පෙබරවාරි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 මාර්තු මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත
(ii) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත

(කල් තබන ලද විවාදයන් තවදුරටත් පැවැත්වීමට නියමිතයි)

(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2018.02.21 දින අංක 240 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9, 10 සහ 8 බලන්න)

(iv) විදේශ විනිමය පනත යටතේ නියෝග
(2018.02.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017.11.17 දිනැති අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2018.02.23 දින නිකුත් කළ අංක 8(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 මාර්තු මස 07 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.02.21 දින අංක 240 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)

(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත පිළිබඳ වාර්තාව - සලකා බැලීම
(iii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත - අනුමත කිරීමට

(කල් තබන ලද විවාදයන් තවදුරටත් පැවැත්වීමට නියමිතයි)
(2018.02.21 දින අංක 240 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 මාර්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) මුදල් පනත යටතේ නියෝග

(2018.02.21 දින අංක 240 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සහ 5 බලන්න)

(iii) සුරාබදු ආඥාපනත යටතේ සුරාබදු නිවේදනය
(2018.02.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017.12.19 දිනැති අංක 2050/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2018.02.23 දින නිකුත් කළ අංක 8(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 මාර්තු මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) වෙළඳ නැව් පනත යටතේ නියෝග
(ii) ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සාමාජිකයන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම

(iii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
   (විගණකාධිපතිවරයාට වැටුප් හා දීමනා ගෙවීම)
(පිළිවෙළින් 2018.02.21 දින අංක 240 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18, 6 සහ 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 පෙබරවාරි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා, 21 වැනි බදාදා සහ 22 වැනි බ්‍රහස්පතින්දා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව; සහ
  • බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව

පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මෝටර් වාහන පනත යටතේ නියෝගය
(2018.02.19 දින අංක 238 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 ජනවාරි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා

පෙ.ව. 10.00 සිට ප.ව. 06.30 (i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත පිළිබඳ වාර්තාව - සලකා බැලීම
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අවසන් කෙටුම්පත - අනුමත කිරීමට

(2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සහ 5 බලන්න)
 
2018 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)

(ii) මුදල් පනත යටතේ නියෝග
(2018.01.25 දින නිකුත් කළ අංක 8(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව; සහ
  • බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව

පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

(ඉහත වාර්තා දෙක 2018.01.23 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
 
2018 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව; සහ
  • බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව

පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 
2018 පෙබරවාරි මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සාමාජිකයන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම
(ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
   (විගණකාධිපතිවරයාට වැටුප් හා දීමනා ගෙවීම)

(2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සහ 12 බලන්න)

(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය

(2018.01.25 දින නිකුත් කළ අංක 8(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 7 බලන්න)

(iv) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි
(v) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි

(2018.01.24 දින අංක 236 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 ජනවාරි මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා සහ 24 වැනි බදාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
 
2018 ජනවාරි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි
(iii) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි

(2017.12.11 දින අංක. 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පිළිවෙළින් විෂය අංක 4, 1 සහ 2 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks