logo

E   |     |  

පෙන්වන්න

2018 ජූලි මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 ජූලි 20 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ජූලි මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.07.17 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 ජූලි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ජූලි මස 17 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌ය සහ සිංගප්පූරු ජනරජය අතර නිදහස් වෙළඳ ගිවිසුම” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2018 ජූලි මස 18 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.07.05 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 16 සහ 15 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 ජූලි මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 12.00 කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
(2018.07.05 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)
ප.ව. 12.00 සිට ප.ව. 07.30 “2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ‘නිව් යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති වාර්තාව” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජා.ප.)
 
2018 ජූලි මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.07.05 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 8 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2018 ජුනි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ජූලි මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(2018.06.21 දින අංක 15 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 ජූලි මස 04 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(පිළිවෙළින් 2018.02.23, 2018.03.07, 2018.03.19, 2018.04.01, 2018.05.01, 2018.05.08, 2018.05.09 සහ 2018.05.20 දිනැති අංක 2059/52, 2061/22, 2063/13, 2064/49, 2069/18, 2070/2, 2070/6 සහ 2071/85 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියමයන්, 2018.06.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2018.06.22 දින නිකුත් කළ අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(ii) රේගු ආඥා පනත යටතේ යෝජනා පහක්
(පිළිවෙළින් 2018.03.16, 2018.04.17, 2018.05.01, 2018.05.02, සහ 2018.05.15 දිනැති අංක 2062/45, 2067/2, 2069/2, 2069/19, සහ 2071/15 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම යෝජනා, 2018.06.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2018.06.22 දින නිකුත් කළ අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය
(2018.06.21 දින අංක 15 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)

(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(2018.02.15 දිනැති අංක 2058/33 සහ 2058/34 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියමයන්, 2018.06.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2018.06.22 දින නිකුත් කළ අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 ජූලි මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 ජාතික විගණන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.06.21 දින අංක 15 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 ජූලි මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 “පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ ක්‍රමය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)

2018 ජුනි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 ජුනි මස 20 වැනි බදාදා සහ 21 වැනි බ්‍රහස්පතින්දා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ජුනි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.06.19 දින අංක 13 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 ජුනි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග

(පිළිවෙළින් 2018.06.19 දින අංක 13 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5, සහ 2 සිට 4 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

2018 ජුනි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ජුනි මස 19 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2018 ජුනි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2018.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)

(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(පිළිවෙළින් 2018.04.09 සහ 2018.04.06 දිනැති අංක 2066/2 සහ 2065/57 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අංක 08 සහ 09/2018 දරන මෙම සුරාබදු නිවේදන 2018.06.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2018.06.08 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(2018.06.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
* “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනු ලැබුවහොත් අයිතම අංක (ii) සහ (iii) මෙදින විවාදයට ගනු ඇති අතර, එකී පනත් කෙටුම්පත අධිකරණයේ දී අභියෝගයට ලක්නොකරනු ලැබුවහොත් එය විවාදයට ගෙන ඉහත අනෙකුත් අයිතමයන් දෙක 2018.06.21 දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

2018 ජුනි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.06.07 දින අංක 18 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 ජුනි මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා, හිටපු පා.ම.,
(ii) අභාවප්‍රාප්ත ගරු රේණුකා හේරත් මහත්මිය, හිටපු පා.ම.,
(iii) අභාවප්‍රාප්ත ගරු මල්ලිකා රත්වත්තේ මහත්මිය, හිටපු පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 ජුනි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 ජුනි මස 7 වැනි බ්‍රහස්පතින්දා සහ 8 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ජුනි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 01.30 සුරාබදු ආඥාපනත යටතේ නිවේදන පහක්
(2018.06.05 දින අංක 9 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 07.00 “මෙරට මූල්‍ය ආයතන සම්බන්ධව පවත්නා අර්බුදකාරී තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2018 ජුනි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.06.05 දින අංක 9 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 මැයි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ජුනි මස 05 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 “මෙරට මූල්‍ය ආයතන සම්බන්ධව පවත්නා අර්බුදකාරී තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2018 ජුනි මස 06 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) සූතිකාධාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.05.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 22 සහ 23 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 ජුනි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 සුරාබදු ආඥාපනත යටතේ නිවේදන පහක්

(2018.01.18 දිනැති අංක 2054/41 සහ 2054/42; 2018.01.23 දිනැති අංක 2055/9; 2018.02.21 දිනැති අංක 2059/32 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නිවේදන 2018.05.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2018.05.25 දින අංක 1(2) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 ජුනි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.05.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2018 මැයි මස 17 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2018 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 මැයි මස 22 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(2018.05.11 දින අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 16 සහ 17 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
(ජ.වි.පෙ.)
 
2018 මැයි මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක්
(2018.05.11 දින අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 9 සිට 15 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 මැයි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.05.11 දින අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 30 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 මැයි මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 (i) සුරාබදු ආඥාපනත යටතේ නි‍වේදනය
(ii) විසර්ජන පනත යටතේ යෝජනා හතක්

(2018.05.11 දින අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 සිට 8 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks