01

E   |   த   |  

පෙන්වන්න


2019 ජනවාරි මස 9 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2019 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ජනවාරි මස 22 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2018 ඔක්තෝබර් 12)

(මෙම පනත් කෙටුම්පත 2018.05.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජනවාරි මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 ණය සහනදායක (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(මෙම පනත් කෙටුම්පත අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 ජනවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 ජනවාරි මස 7 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2019 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ජනවාරි මස 08 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග
(2018.06.05 දිනැති අංක 2074/13 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග 2018.08.10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජනවාරි මස 09 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2018.10.11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 ජනවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 (i) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය
(2018.09.11 දිනැති අංක 2088/28 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2018.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 වශයෙන් සඳහන් විය)

(ii) යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2018.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 11 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 උදර්පන පනත යටතේ නියමය
(2018.07.13 දිනැති අංක 2079/77 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2018.09.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 ඔක්තෝබර් මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 ඔක්තෝබර් 26 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) සක්‍රීය වගකීම් කළමණාකරන පනත යටතේ යෝජනාව
(2018.10.22 දින අංක 2(5) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1)

(ii) පරිපූරක මුදල – ශීර්ෂය 117 – වැඩසටහන 02
(මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය)

(මෙය 2018.10.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 ඔක්තෝබර් මස 10 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2018 ඔක්තෝබර් මස 23 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2018 ඔක්තෝබර් මස 24 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය)
 

2018 ඔක්තෝබර් මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්

(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 සහ 9 සිට 11 දක්වා බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල් තැබීමේ විවාදය (ඉ.ත.අ.ක. සහ ජ.වි.පෙ.)
 

2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම
(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2018 ඔක්තෝබර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා සහ 12 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(2018.10.09 දිනැති අංක 2(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය

(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 සිට 5 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 07.30 “අභාවප්‍රාප්ත ගරු මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි උපන්දින සංවත්සරය” සිහිකිරීම සඳහා පවත්වනු ලබන කල් තැබීමේ විවාදය (එ.ජා.ප.)

2018 සැප්තැම්බර් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2018 ඔක්තෝබර් මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 “වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධ කල් තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
(මෙම වාර්තාව 2018.07.17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
 

2018 ඔක්තෝබර් මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ කාලය (ප්‍රශ්න 4කි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8කි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

හාණිපූරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 18 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 19 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(එක් නියෝගයක් 2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 ලෙස දැක්වෙන අතර 2018.08.10 දිනැති අංක 2083/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අනෙක් නියෝගය 2018.09.18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව 2018.09.21 වැනි දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරක අංක 2(2) හි පළ කරනු ලැබීය)

(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 17 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 “අභාවප්‍රාප්ත ගරු මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි උපන්දින සංවත්සරය” සිහිකිරීම සඳහා පවත්වනු ලබන කල් තැබීමේ විවාදය (එ.ජා.ප.)

2018 සැප්තැම්බර් මස 6 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2018 සැප්තැම්බර් මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ගුවන් සේවා පනත යටතේ නියෝග

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 21 සහ 24 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(මෙම දිනට පෙරාතුව අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය සාකච්ඡා නිමකළහොත්)
(iii) ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 20, 16 සහ 22 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 සැප්තැම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 25 බලන්න)

(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(පිළිවෙළින් 2018.06.13 දිනැති අංක 2075/23 සහ 2075/24 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අංක 10/2018 සහ 11/2018 දරන මෙම නිවේදන, 2018.09.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2018.09.07 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝගය

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 

2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i)   අභාවප්‍රාප්ත ගරු එච්.එම්. උපතිස්ස සිල්වා මහතා, හිටපු පා.ම.
(ii)  අභාවප්‍රාප්ත ගරු එම්. තිලකරත්න මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු මංගල මුණසිංහ මහතා, හිටපු පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 සැප්තැම්බර් මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 7 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 සැප්තැම්බර් මස 7 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 (i)   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
ප.ව. 01.30 සිට ප.ව. 05.30 (ii)  වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(පිළිවෙළින් 2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7, 3 සහ 4 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks