logo

E   |     |  

පෙන්වන්න

2018 ඔක්තෝබර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා සහ 12 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(2018.10.09 දිනැති අංක 2(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය

(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 සිට 5 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 07.30 “අභාවප්‍රාප්ත ගරු මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි උපන්දින සංවත්සරය” සිහිකිරීම සඳහා පවත්වනු ලබන කල් තැබීමේ විවාදය (එ.ජා.ප.)

2018 සැප්තැම්බර් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 ඔක්තෝබර් මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 “වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධ කල් තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
(මෙම වාර්තාව 2018.07.17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
 
2018 ඔක්තෝබර් මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ කාලය (ප්‍රශ්න 4කි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8කි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

හාණිපූරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 18 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 19 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(එක් නියෝගයක් 2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 ලෙස දැක්වෙන අතර 2018.08.10 දිනැති අංක 2083/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අනෙක් නියෝගය 2018.09.18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව 2018.09.21 වැනි දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරක අංක 2(2) හි පළ කරනු ලැබීය)

(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.09.20 දිනැති අංක 37 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 17 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 “අභාවප්‍රාප්ත ගරු මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි උපන්දින සංවත්සරය” සිහිකිරීම සඳහා පවත්වනු ලබන කල් තැබීමේ විවාදය (එ.ජා.ප.)

2018 සැප්තැම්බර් මස 6 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 සැප්තැම්බර් මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ගුවන් සේවා පනත යටතේ නියෝග

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 21 සහ 24 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(මෙම දිනට පෙරාතුව අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය සාකච්ඡා නිමකළහොත්)
(iii) ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 20, 16 සහ 22 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 සැප්තැම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 25 බලන්න)

(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(පිළිවෙළින් 2018.06.13 දිනැති අංක 2075/23 සහ 2075/24 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අංක 10/2018 සහ 11/2018 දරන මෙම නිවේදන, 2018.09.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2018.09.07 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)

(iii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝගය

(2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i)   අභාවප්‍රාප්ත ගරු එච්.එම්. උපතිස්ස සිල්වා මහතා, හිටපු පා.ම.
(ii)  අභාවප්‍රාප්ත ගරු එම්. තිලකරත්න මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු මංගල මුණසිංහ මහතා, හිටපු පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 සැප්තැම්බර් මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 7 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 සැප්තැම්බර් මස 7 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 (i)   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
ප.ව. 01.30 සිට ප.ව. 05.30 (ii)  වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(පිළිවෙළින් 2018.09.06 දින අංක 33 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7, 3 සහ 4 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)

2018 අගෝස්තු මස 23 සහ 24 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 සැප්තැම්බර් මස 04 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(iii) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන් සඳහා පාරිශ්‍ර‍මිකයන් ගෙවීම

(2018.08.24 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පිළිවෙළින් විෂය අංක 1 සිට 3 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 
2018 සැප්තැම්බර් මස 05 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථා
(2018.08.24 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 5 බලන්න)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 
2018 සැප්තැම්බර් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝගය
(2018.08.24 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පිළිවෙළින් විෂය අංක 6 සහ 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 සැප්තැම්බර් මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(2018.08.24 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පිළිවෙළින් විෂය අංක 8 සහ 9 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)

2018 අගෝස්තු මස 7 සහ 10 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 අගෝස්තු මස 21 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2018 අගෝස්තු මස 22 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - හජ්ජි උත්සව දිනය)
 
2018 අගෝස්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2018.08.07 දින අංක 25 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 23 සහ 22 බලන්න)

(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්
(පිළිවෙළින් 2018.04.12, 2018.04.24 සහ 2018.05.15 දිනැති අංක 2066/40, 2068/9 සහ 2071/16 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියමයන්, 2018.08.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා 2018.08.10 දින නිකුත් කළ අංක 1(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 අගෝස්තු මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.00 පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව
(2017 අංක 17 දරන පනතෙන් සංශෝධිත 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 3අ. (11) වගන්තිය ප්‍රකාරව (පැමිණ නොසිටින මන්ත්‍රීවරුන් ද ඇතුළුව) ඒ සඳහා පක්ෂව ඡන්දය දෙනු ලබන මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීම සඳහා. 2018.08.10 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 48 බලන්න)
ප.ව. 06.00 ඡන්ද විමසීම
 
ප.ව. 06.30 ට වේත්‍රධාරීවරයාගේ සේවය පිළිබඳ සඳහනක් සිදුකිරීමට නියමිතය.

2018 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 අගෝස්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 අගෝස්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට මධ්‍යාහ්න 12.00 සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2018 අගෝස්තු 07) - තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට
(2018.08.08 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 05.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(ii) එකතු කළ අගය මත බදු (සංශෝ‍ධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.08.08 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 7 බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 “ජනමාධ්‍ය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2018 ජූලි මස 17 සහ 31 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2018 අගෝස්තු මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.07.20 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 
2018 අගෝස්තු මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2018.07.17 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)

(ii) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක්
(2018.07.10 දිනැති අංක 2079/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත 2018.02.05 දිනැති අංක 2057/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2018.07.17 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2018.07.20 දින අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 
2018 අගෝස්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(ii) එකතු කළ අගය මත බදු (සංශෝ‍ධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(ඉහත (i) සහ (ii) හි සඳහන් යෝජනාව සහ පනත් කෙටුම්පත පිළිවෙළින් 2018.07.20 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 2018.07.20 දින අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 “ජනමාධ්‍ය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 
2018 අගෝස්තු මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා හතක්
(i) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ යෝජනාව
(පා. 1/'18)
(ii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාව (පා. 2/'18)
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා. 4/'18)
(iv) ගරු චමින්ද වි‍ජේසිරි මහතාගේ යෝජනාව (පා. 15/'18)
(v) ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ යෝජනාව (පා. 20/'18)
(vi) ගරු අශෝක ප්‍රියන්ත මහතාගේ යෝජනාව (පා. 23/'18)
(vii) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ යෝජනාව (පා. 29/'18)

(ඉහත යෝජනා 2018.07.06 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks