logo

E   |     |  

පෙන්වන්න


2019 මැයි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 මැයි මස 10 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2019 මැයි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

 

 

2019 අප්‍රේල් මස 2 සහ මැයි මස 6 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 මැයි මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
ප.ව. 02.00 පොල් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම - (විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)
(2019.04.05 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2019 මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝගය
(iii) රේගු ආඥා පනත යටතේ යෝජනාව

(2019.03.29 දින අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 සිට 8 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 මැයි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා නවයක්
(i) ගරු චමින්ද වි‍ජේසිරි මහතාගේ යෝජනාව
(පා. 11 /’18)
(ii) ගරු මුහම්මදු නසීර් මහතාගේ යෝජනාව (පා. 13/’19)
(iii) ගරු ආනන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාව (පා. 17/’19)
(iv) ගරු අශෝක ප්‍රියන්ත මහතාගේ යෝජනාව (පා. 21/’19)
(v) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ යෝජනාව (පා. 30/’19)
(vi) ගරු හේෂා විතානගේ මහතාගේ යෝජනාව (පා. 42/’19)
(vii) ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ යෝජනාව (පා. 43/’19)
(viii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාව (පා. 45/’19)
(ix) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා. 46/’19)

(ඉහත යෝජනා 2019.02.08 දින නිකුත් කළ අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 පෙබරවාරි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 පෙබරවාරි මස 19 වැනි අඟහරුවාදා

මෙදින රැස්වීම් නැත (පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2019 පෙබරවාරි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්

(2019.02.06 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 34 සහ 2018.10.17 දිනැති අංක 2093/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ 2019.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අනෙක් නියෝගය බලන්න. මේ පිළිබඳ යෝජනාව 2019.02.08 දින නිකුත් කළ අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 පෙබරවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
- විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි

(2019.02.06 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 32 සහ 33 බලන්න)
පෙ.ව. 11.30 සිට ප.ව. 07.30 “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු පී.එස්. සුසෛදාසන් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු පී.ඒ. ජිනදාස නියතපාල මහතා, හිටපු පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 පෙබරවාරි මස 05 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 “බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)
 

2019 පෙබරවාරි මස 06 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) වරදකරුවන් භාරදීමේ පනත යටතේ නියමය
(2019.01.25 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)

(ii) (81 අධිකාරය)ණය සහනදායක ආඥා පනත යටතේ නියෝග
(2019.01.03 දිනැති අංක 2104/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග, 2019.01.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2019.01.25 දින නිකුත් කළ අංක 1(6) දරන පරිපූරකයේ පළ කරන ලදී)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(2019.01.25 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 පෙබරවාරි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 07.30 “අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (2017.07.01 සිට 2017.09.30 දක්වා)” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)

2019 ජනවාරි මස 9 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2019 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ජනවාරි මස 22 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2018 ඔක්තෝබර් 12)

(මෙම පනත් කෙටුම්පත 2018.05.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජනවාරි මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 ණය සහනදායක (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(මෙම පනත් කෙටුම්පත අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 ජනවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 ජනවාරි මස 7 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2019 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 ජනවාරි මස 08 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග
(2018.06.05 දිනැති අංක 2074/13 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග 2018.08.10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජනවාරි මස 09 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2018.10.11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 ජනවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 (i) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය
(2018.09.11 දිනැති අංක 2088/28 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2018.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 වශයෙන් සඳහන් විය)

(ii) යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2018.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 11 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 උදර්පන පනත යටතේ නියමය
(2018.07.13 දිනැති අංක 2079/77 දරන දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2018.09.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව අටවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2018.10.26 දින අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 වශයෙන් සඳහන් විය)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2018 ඔක්තෝබර් මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2018 ඔක්තෝබර් 26 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 (i) සක්‍රීය වගකීම් කළමණාකරන පනත යටතේ යෝජනාව
(2018.10.22 දින අංක 2(5) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1)

(ii) පරිපූරක මුදල – ශීර්ෂය 117 – වැඩසටහන 02
(මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය)

(මෙය 2018.10.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)

2018 ඔක්තෝබර් මස 10 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2018 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2018 ඔක්තෝබර් මස 23 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2018 ඔක්තෝබර් මස 24 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය)
 

2018 ඔක්තෝබර් මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 (i) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්

(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 සහ 9 සිට 11 දක්වා බලන්න)
ප.ව. 05.30 සිට ප.ව. 07.30 කල් තැබීමේ විවාදය (ඉ.ත.අ.ක. සහ ජ.වි.පෙ.)
 

2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම
(2018.10.10 දිනැති අංක 40 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks