01

E   |   த   |  

පෙන්වන්න


2019 ජුනි මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජුනි මස 6 වැනි බ්‍රහස්පතින්දා සහ 7 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

 

2019 ජුනි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජුනි මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න)
ප.ව. 1.30 සිට ප.ව. 7.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ජුනි මස 04 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 ජුනි මස 05 වැනි බදාදා

මෙදින රැස්වීම නැත (රාමසාන් උත්සවය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2019 ජුනි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජුනි මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.05.23 දින අංක 63 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 මැයි මස 22 වැනි බදාදා, 23 වැනි බ්‍රහස්පතින්දා සහ 24 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

 

2019 මැයි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2019.05.21 දින අංක 61 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 04.00 2019 අප්‍රේල් 21 වැනි ඉරිදා දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම
(2019.05.15 දින අංක 2(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 04.00 සිට ප.ව. 06.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 04.00 (i) විදේශ විනිමය පනත යටතේ නියෝගය
(ii) විසර්ජන පනත යටතේ යෝජනා අටක්

(2019.05.21 දින අංක 61 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 14 සිට 21 දක්වා බලන්න)
ප.ව. 04.00 සිට ප.ව. 07.30 කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 මැයි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.00 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව - සම්මත කිරීමට නියමිතයි
ප.ව. 06.00 සිට ප.ව. 06.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 මැයි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 මැයි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.00 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 06.00 සිට ප.ව. 06.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 මැයි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)
ප.ව. 04.00 සිට ප.ව. 06.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.00 විදේශ විනිමය පනත යටතේ නියෝගය
(2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 06.00 සිට ප.ව. 06.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 මැයි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.05.09 දින අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)
ප.ව. 01.30 සිට ප.ව. 06.30 කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.)

2019 මැයි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 මැයි මස 10 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2019 මැයි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

 

 

2019 අප්‍රේල් මස 2 සහ මැයි මස 6 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 මැයි මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
ප.ව. 02.00 පොල් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම - (විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)
(2019.04.05 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 මැයි මස 08 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
- සභාව විසින් තීරණය කිරීමට නියමිතයි
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2019 මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝගය
(iii) රේගු ආඥා පනත යටතේ යෝජනාව

(2019.03.29 දින අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 සිට 8 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 මැයි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා නවයක්
(i) ගරු චමින්ද වි‍ජේසිරි මහතාගේ යෝජනාව
(පා. 11 /’18)
(ii) ගරු මුහම්මදු නසීර් මහතාගේ යෝජනාව (පා. 13/’19)
(iii) ගරු ආනන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාව (පා. 17/’19)
(iv) ගරු අශෝක ප්‍රියන්ත මහතාගේ යෝජනාව (පා. 21/’19)
(v) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ යෝජනාව (පා. 30/’19)
(vi) ගරු හේෂා විතානගේ මහතාගේ යෝජනාව (පා. 42/’19)
(vii) ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ යෝජනාව (පා. 43/’19)
(viii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාව (පා. 45/’19)
(ix) ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ යෝජනාව (පා. 46/’19)

(ඉහත යෝජනා 2019.02.08 දින නිකුත් කළ අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 පෙබරවාරි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2019 පෙබරවාරි මස 19 වැනි අඟහරුවාදා

මෙදින රැස්වීම් නැත (පෝය දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2019 පෙබරවාරි මස 20 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්

(2019.02.06 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 34 සහ 2018.10.17 දිනැති අංක 2093/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ 2019.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අනෙක් නියෝගය බලන්න. මේ පිළිබඳ යෝජනාව 2019.02.08 දින නිකුත් කළ අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 පෙබරවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
- විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි

(2019.02.06 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 32 සහ 33 බලන්න)
පෙ.ව. 11.30 සිට ප.ව. 07.30 “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)
 

2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු පී.එස්. සුසෛදාසන් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු පී.ඒ. ජිනදාස නියතපාල මහතා, හිටපු පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජනවාරි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 පෙබරවාරි මස 05 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 “බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)
 

2019 පෙබරවාරි මස 06 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 01.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
ප.ව. 01.30 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 02.00 සිට ප.ව. 06.30

(i) වරදකරුවන් භාරදීමේ පනත යටතේ නියමය
(2019.01.25 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)

(ii) (81 අධිකාරය)ණය සහනදායක ආඥා පනත යටතේ නියෝග
(2019.01.03 දිනැති අංක 2104/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග, 2019.01.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2019.01.25 දින නිකුත් කළ අංක 1(6) දරන පරිපූරකයේ පළ කරන ලදී)

ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(2019.01.25 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 පෙබරවාරි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 07.30 “අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (2017.07.01 සිට 2017.09.30 දක්වා)” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks