01

E   |   த   |  

පෙන්වන්න


2019 අගෝස්තු මස 23 සහ සැප්තැම්බර් මස 3 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය

(2019.08.23 දින අංක 91 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 සැප්තැම්බර් මස 04 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව - ප්‍රශ්න 04යි
ප.ව. 1.30 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න - ප්‍රශ්න 8යි
ප.ව. 2.00 සිට ප.ව. 6.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 සැප්තැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(ii) මුදල් පනත යටතේ නියමය
(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය


(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 පොදු කොන්ත්‍රාත් පනත යටතේ නි‍යෝගය

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 අගෝස්තු මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 5.00 බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග
ප.ව. 5.00 ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 72 සහ 98 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 7.30 “රටේ ඇතැම් ප්‍රදේශයන්හි පවතින නියං තත්වය” පිළිබඳ කල්තැබීමේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 අගෝස්තු මස 21 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 5.00 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 76 සහ 77 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 7.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.08.09 දින අංක 87 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 61 බලන්න)

සැ.යු. : පනත් කෙටුම්පතේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව සහ ඒ පිළිබඳ ඡන්ද විමසීම 2019 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැවැත්වීමට කාරක සභාව එකඟ විය.
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 වත්මන් පා.ම., අභාවප්‍රාප්ත ගරු සාලින්ද දිසානායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)

2019 ජූලි මස 25 සහ අගෝස්තු මස 6 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 අගෝස්තු මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.07.25 දින අංක 80 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 අගෝස්තු මස 07 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න - ප්‍රශ්න 4යි
ප.ව. 1.30 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න - ප්‍රශ්න 8යි
ප.ව. 2.00 සිට ප.ව. 6.30 “බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ නිරීක්ෂණ” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 

2019 අගෝස්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක්

(2019.08.06 දින අංක 84 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා බලන්න)
 

2019 අගෝස්තු මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 “විදේශ රටවල්/විදේශ නියෝජිතායතන සමඟ රජය/රජයේ ආයතන ඇතිකර ගත් ගිවිසුම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම” පිළිබඳ කල්තැබීමේ විවාදය (එ.ජ.නි.ස.)

2019 ජූලි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජූලි මස 31 වැනි බදාදා සහ අගෝස්තු මස 1 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

 

2019 ජූලි මස 31 වැනි බදාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව (හදිසි නීති විවාදය) – අනුමත කිරීම සඳහා
 

2019 අගෝස්තු මස 01 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30

ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු සේනරාජා සමරනායක මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු අබ්දුල් රසාක් මන්සූර් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු වී.කේ. ඉන්දික මහතා, හිටපු පා.ම.

 

2019 ජූලි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ යෝජනාව
(2019.07.12 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජූලි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.07.12 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල්තැබීමේ විවාදය (ඉ.ත.අ.ක.)
 

2019 ජූලි මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (ඉ.ත.අ.ක.)
 

2019 ජූනි මස 27 සහ ජූලි මස 8 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ජූලි මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 (i) අංක 32 දරන පරිපූරක ඇස්තමේන්තුව
(මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය)
– අනුමත කිරීමට.

(ii) සක්‍රිය වගකීම් කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය

(2019.06.27 දින අංක 72 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)

(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක්
(2019.06.21 දින නිකුත් කළ අංක 2(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ජූලි මස 10 වැනි බදාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 4යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය
(2019.05.24 දින නිකුත් කළ අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 62/’19 වශයෙන් සඳහන් වන දින නියමයක් නොමැති යෝජනාව බලන්න)
 

2019 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය පළ කිරීමේ යෝජනාව සම්බන්ධ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2019 ජූලි මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)

2019 ජුනි මස 20 සහ 27 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා සහ ජුනි මස 28 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

 

2019 ජුනි මස 27 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව (හදිසි නීති විවාදය) – අනුමත කිරීම සඳහා
 

2019 ජුනි මස 28 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 12.30

සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග
(2019.06.27 දින අංක 72 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)

ප.ව. 1.30 සිට ප.ව. 4.30

කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)

 

2019 ජුනි මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ජුනි මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(ii) සුරාබදු අඥා පනත යටතේ නිවේදන තුනක්

(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 7 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 ජුනි මස 19 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 ජුනි මස 21 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ නියෝග
(2019.06.04 දින අංක 65 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks