01

E   |   த   |  

පෙන්වන්න


2020 ජනවාරි මස 13 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2020 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ජනවාරි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග නවයක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 11 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2020 ජනවාරි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 සිට 19 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2020 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමයන් හතරක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සිට 15 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු ටී. රංජිත් ද සොයිසා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
 

2020 ජනවාරි මස 3 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2020 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ජනවාරි මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 “අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2020 ජනවාරි මස 08 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 “අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2020 ජනවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු දි.මු. ජයරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
 

2020 ජනවාරි මස 10 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)

2019 නොවැම්බර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙදින විවාදයට ගැනීමට එකඟ විය:-

 

2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා

පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 (i) ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ජාතික න‍වෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම


(2019.11.07 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 32 සහ 1 බලන්න)
 

2019 ඔක්තෝබර් මස 21 සහ 31 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 නොවැම්බර් මස 05 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 නොවැම්බර් මස 06 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 නොවැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 (i) ජාතික න‍වෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.10.23 දින අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)

(ii) ක්‍රීඩා පනත යටතේ නියෝග තුනක්
(පිළිවෙළින් 2019.10.23 දින අංක 101 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 24 සහ 2019.10.23 දින අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 18 සහ 19 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  • ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
• ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(පිළිවෙළින් 2019.10.23 දින අංක 101 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 86 සහ 72 බලන්න)
ප.ව. 1.30 සිට ප.ව. 6.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 නොවැම්බර් මස 08 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 15 සහ 21 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ඔක්තෝබර් මස 22 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 23 වැනි බදාදා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
[2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම]

(2019.10.08 දින අංක 3(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 5 බලන්න)

(ii) මුදල් පනත යටතේ නියමය
(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(vi) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(vii) සුරාබදු ආඥාපනත යටතේ රීති
(viii) මුදල් පනත යටතේ නියෝග තුනක්
(ix) මූල්‍ය ව්‍යාපාර පනත යටතේ නියෝග
(x) සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xi) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(xiii) මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම


(2019.10.08 දින අංක 100 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 21 දක්වා බලන්න)

(xiv) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(2019.10.08 දින අංක 3(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 7 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2019.10.08 දින අංක 100 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 72 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 25 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 02 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 ඔක්තෝබර් මස 08 වැනි අඟහරුවාදා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
ප.ව. 1.00 සිට ප.ව. 6.30 පොදු කොන්ත්‍රාත් පනත යටතේ නි‍යෝගය
(2019.09.20 දින අංක 99 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2019.09.20 දින අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 ඔක්තෝබර් මස 09 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 සැප්තැම්බර් මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා, 19 වැනි බ්‍රහස්පතින්දා සහ 20 වැනි සිකුරාදා යන දිනයන්හි සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

 

2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)

සැ.යු. : මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පිළිතුරු කථාව, මේ පිළිබඳ ඡන්ද විමසීම සහ ඉන්පසුව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව.
ප.ව. 6.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
(ii) හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ තීරණය
- විවාදයක් නොමැතිව සම්මත කිරීමට

(2019.09.17 දින අංක 96 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 29 සහ 30 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 සැප්තැම්බර් මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 4.30 සිට ප.ව. 6.30 “මිනිස් ජීවිත සහ දේපලවලට එල්ල වන වල් අලි ප්‍රහාර” පිළිබඳ කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)

2019 සැප්තැම්බර් මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 (i) ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) පඩිපාලක සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) කර්මාන්තශාලා ආඥාපනත යටතේ නියෝග පහක්

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 23, 24 සහ 13 සිට 17 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක්

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සිට 9 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)

සැ.යු. : ඉහත පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව සහ ඒ පිළිබඳ ඡන්ද විමසීම මෙදින පවත්වනු ඇත.
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2019 සැප්තැම්බර් මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 (i) වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2019.09.03 දින අංක 92 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 26 සහ 30 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks