logo

E   |     |  

පෙන්වන්න


2020 සැප්තැම්බර් මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 සැප්තැම්බර් මස 08 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 "2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව" පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 09 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් නමයක්
(පිළිවෙළින් 2018.12.03, 2019.01.11, 2019.07.10, 2019.08.09, 2019.08.10, 2019.10.14, 2019.12.01, 2020.03.06 සහ 2020.06.02 දිනැති අංක 2100/3, 2105/48, 2131/29, 2135/55, 2135/68, 2145/12, 2151/60, 2165/60 සහ 2178/15 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒවා 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.)

(ii) සුරාබදු ආඥා පනත (52 අධිකාරය) යටතේ නිවේදන දහයක්
(පිළිවෙළින් 2019.09.27, 2019.11.01, 2019.12.03, 2019.12.03, 2019.12.03, 2019.12.27, 2020.03.01, 2020.04.30, 2020.06.01 සහ 2020.06.09 දිනැති අංක 2142/77, 2147/75, 2152/11, 2152/12, 2152/13, 2155/19, 2164/72, 2173/11, 2178/4 සහ 2179/9 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒවා 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 (i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන හයක්
(පිළිවෙළින් 2019.12.05, 2020.02.25, 2020.04.16, 2020.04.22, 2020.05.19 සහ 2020.05.26 දිනැති අංක 2152/32, 2164/15, 2171/6, 2172/10, 2176/10 සහ 2177/4 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒවා 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.)

(ii) (235 වැනි අධිකාරය) රේගු ආඥාපනත යටතේ නියෝග තුනක්
(පිළිවෙළින් 2020.03.13, 2020.04.22 සහ 2020.06.24 දිනැති අංක 2166/35, 2172/6 සහ 2181/13 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒවා 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.)

(iii) ආදායම් සංරක්‍ෂණ පනත ය‍ටතේ ආඥා හයක්
(පිළිවෙළින් 2020.03.07, 2020.04.09, 2020.04.16, 2020.04.22, 2020.06.18 සහ 2020.07.08 දිනැති අංක 2165/72, 2170/6, 2171/4, 2172/7, 2180/31 සහ 2183/27 දරන අති විශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒවා 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 11 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව

2020 අගෝස්තු මස 20 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින්, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2020 අගෝස්තු මස 27 වැනි බ්‍රහස්පතින්දා සහ 28 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

 

2020 අගෝස්තු මස 27 වැනි බ්‍රහස්පතින්දා
2020 අගෝස්තු මස 28 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 6.30 (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
[අතුරු සම්මත ගිණුම - 2020] - අනුමත කිරීමට

(ii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව - අනුමත කිරීමට


(ඉහත යෝජනා දෙක 2020.08.21 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
 

2020 පෙබරවාරි මස 7 සහ 12 යන දිනයන් හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්

(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2020.02.07 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ අයිතම අංක 4 සිට 6 දක්වා බලන්න)

(iii) වාර්ෂික වාර්තා හා ගිණුම් - විවාදයකින් තොරව සම්මත කිරීමට
(2020.02.07 දිනැති අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 27 සිට 44 දක්වා බලන්න)
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ‟ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ වෝහාරික විගණන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය - (ජ.වි.පෙ)
 

‍2020 පෙබරවාරි මස 19 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
(ඉහත පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව 2020.02.18 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිතයි)
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ‟ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ වෝහාරික විගණන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

‍2020 පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(සභාවේ අවසරය ඇතිව ඉදිරි දිනයකට කල් දැමීමට)
පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
(මෙම යෝජනාව 2020.02.14 දින නිකුත් කිරීමට නියමිත අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කෙරෙනු ඇත)

(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් පහක්
(2020.02.07 දිනැති අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 19 සිට 23 දක්වා බලන්න)

(iii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(v) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2020.02.07 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ අයිතම අංක 1 සිට 3 දක්වා බලන්න)
ප.ව. 12.30 සිට ප.ව. 7.30 ‟ශ්‍රී ලංකන් එ‍යාර්ලයින් එයාර් බස් ගනුදෙනුව” පිළිබඳ කල් තැබීමේ විවාදය (එ.ජා.ප)
 

2020 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා

  පාර්ලිමේන්තුවේ රැස්වීම නොපැවැත්වේ.
(මහ‍ාසිව රාත්‍රී දිනය - රජයේ නිවාඩු දිනයකි)

2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2020 පෙබරවාරි මස 04 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (නිදහස් දිනය) (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2020 පෙබරවාරි මස 05 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
ප.ව. 1.30 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
ප.ව. 2.00 සිට ප.ව. 6.30 මෝටර් වාහන පනත යටතේ නියෝග
(2020.01.24 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.)
 

2020 පෙබරවාරි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 (i)   විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ය‍ටතේ නියමයන් හතක්
(ii)  රේගු ආඥාපනත යටතේ යෝජනා දෙකක්
(iii) විදේශ විනිමය පනත යටතේ නියෝග
(iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(v)  එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් දෙකක්

(2020.01.24 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 14 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2020 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i)    අභාවප්‍රාප්ත ගරු සී. නන්ද මැතිව්, පා.ම.
(ii)   අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) රංජිත් අතපත්තු, පා.ම.
(iii)  අභාවප්‍රාප්ත ගරු ප්‍රින්ස් කාසිනාදර්, පා.ම.
(iv)  අභාවප්‍රාප්ත ගරු එම්. එස්. තේමිස්, පා.ම.
 

2020 ජනවාරි මස 13 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2020 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ජනවාරි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග නවයක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 11 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ජ.වි.පෙ.)
 

2020 ජනවාරි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 2.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 සිට 19 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.)
 

2020 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමයන් හතරක්
(අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ 2019.11.11 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සිට 15 දක්වා බලන්න)
ප.ව. 6.30 සිට ප.ව. 7.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 6.30 පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු ටී. රංජිත් ද සොයිසා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
 

2020 ජනවාරි මස 3 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2020 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ජනවාරි මස 07 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 “අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2020 ජනවාරි මස 08 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.30 “අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2020 ජනවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු දි.මු. ජයරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
 

2020 ජනවාරි මස 10 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)

2019 නොවැම්බර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙදින විවාදයට ගැනීමට එකඟ විය:-

 

2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා

පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 (i) ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ජාතික න‍වෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම


(2019.11.07 දින අංක 102 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 32 සහ 1 බලන්න)
 

2019 ඔක්තෝබර් මස 21 සහ 31 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2019 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2019 නොවැම්බර් මස 05 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 නොවැම්බර් මස 06 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2019 නොවැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි සභාවේ අවසරය මත කල් දැමීමට)
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 (i) ජාතික න‍වෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2019.10.23 දින අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)

(ii) ක්‍රීඩා පනත යටතේ නියෝග තුනක්
(පිළිවෙළින් 2019.10.23 දින අංක 101 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 24 සහ 2019.10.23 දින අංක 3(9) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 18 සහ 19 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  • ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම
• ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(පිළිවෙළින් 2019.10.23 දින අංක 101 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 86 සහ 72 බලන්න)
ප.ව. 1.30 සිට ප.ව. 6.30 කල්තැබීමේ යෝජනාව (එ.ජ.නි.ස.)
 

2019 නොවැම්බර් මස 08 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks