01

E   |   த   |  

පෙන්වන්න


2021 මාර්තු මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 අප්‍රේල් මස 05 වැනි සඳුදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි)
(2021.03.25 දින නිකුත් කළ අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න)
ප.ව. 4.00

“මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන යෝජනාව
(2021.03.22 දින නිකුත් කළ අංක 3(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)

 

2021 අප්‍රේල් මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(iii) අල්ලස් හෝ දූෂණ ‍ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනා සම්මතය – අනුමත කිරීමට

(පිළිවෙළින් 2021.03.25 දින නිකුත් කළ අංක 62 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 4, 5, 2, 3 සහ 6 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 අප්‍රේල් මස 07 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි)
(අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න නැත)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2021 අප්‍රේල් මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය – (තවදුරටත් පැවැත්වීමට නියමිතයි)
 
2021 අප්‍රේල් මස 09 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ඉහත සඳහන් “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම

2021 මාර්තු මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 මාර්තු මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ යෝජනාව
(2021.03.10 දින නිකුත් කළ අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
(ii) 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(2021.03.10 දින නිකුත් කළ අංක 59 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 4 බලන්න)
(iii) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(2021.03.12 දින නිකුත් කළ අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 3 බලන්න)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 මාර්තු මස 24 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්
(2021.03.12 දින නිකුත් කළ අංක 3(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 4 සහ 5 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 මාර්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 
2021 මාර්තු මස 26 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ඉහත සඳහන් “ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

2021 මාර්තු මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 මාර්තු මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 3.30

(i) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම
(2021.02.25 දින නිකුත් කළ අංක 57 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝග
(2021.02.25 දින නිකුත් කළ අංක 3(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 3 බලන්න)
(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(2021.02.25 දින නිකුත් කළ අංක 57 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 බලන්න)

ප.ව. 3.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 මාර්තු මස 10 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි)
පෙ.ව. 11.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ඉහත යෝජනා සම්මතය හා සම්බන්ධ 2021.03.01 දිනැති අංක 2217/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය 2021.03.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 “2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය
 

2021 මාර්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා

  මෙදින පාර්ලිමේන්තු රැස්වීම නැත - (මහාසිව රාත්‍රී දිනය - රජයේ නිවාඩු දිනයකි)
 
2021 මාර්තු මස 12 වැනි සිකුරාදා
  මෙදින පාර්ලිමේන්තු රැස්වීම නැත

2021 පෙබරවාරි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 1.00

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම – (ඡන්දයකින් තොරව) අනුමත කිරීමට
(2021.02.12 දින නිකුත් කළ අංක 54 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 72 බලන්න.)

 

2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
 

2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ශෝක ප්‍රකාශ යෝජනාව —
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක අභාවප්‍රාප්ත ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා
 
2021 පෙබරවාරි මස 26 වැනි සිකුරාදා
  මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය)

2021 පෙබරවාරි මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 පෙබරවාරි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග - අනුමත කිරීමට
(2021.01.26 දින නිකුත් කළ අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 10 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග
(2020.03.02 දිනැති අංක 2165/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග 2021.02.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

(පිළිවෙළින් 2020.08.17 සහ 2020.09.15 දිනැති අංක 2189/4, 2189/5 සහ 2193/9 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම රෙගුලාසි 2021.02.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)
ප.ව. 4.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – විවාදයකින් තොරව අනුමත කිරීමට
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු සුරංගනී එල්ලාවල මහත්මිය, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු කේ. පී. සිල්වා මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු කපිල් අබේරත්න මහතා, හිටපු පා.ම.

2021 ජනවාරි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනාව

(2021.01.08 දින නිකුත් කළ අංක 2(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 සිට 7 දක්වා බලන්න)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 20 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 "පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නොයෙකුත් නීතීන් යටතේ අමාත්‍යවරුන් විසින් අතිවි‍ශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග නියම කරන ලද ආකාරයට ක්‍රියාත්මක නොවීම" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

 

2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2021 ජනවාරි මස 22 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

 

2020 දෙසැම්බර් මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 ජනවාරි මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) අවම වේතන (ඉන්දියානු කම්කරු) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) කර්මාන්තශාලා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 සිට 7 දක්වා බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 06 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) සාක්ෂි (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ඇප (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 8, 10 සහ 11 බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග හතරක්
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුදල් පනත යටතේ නියමය
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක්

(2020.12.10 දින නිකුත් කළ අංක 2(6) දරන පරිපූරකයේ අයිතම අංක 1 සිට 10 දක්වා බලන්න.)

(v) බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න.)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 "රටේ පවතින තත්වය" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2020 නොවැම්බර් මස 11 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2020 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා සහ 13 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

2020 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 5.00

‍විසර්ජන පනත් කෙටුම්පත (2020) - දෙවැනිවර කියවීම
(2020.11.05 දින නිකුත් කළ අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අයිතම අංක 1 බලන්න)

ප.ව. 5.00 ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 5.00 සිට කාරක සභාව සහ තුන්වැනිවර කියවීම
 
2020 නොවැම්බර් මස 13 වැනි සිකුරාදා  
පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks