logo

E   |     |  

පෙන්වන්න


2021 පෙබරවාරි මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 පෙබරවාරි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග - අනුමත කිරීමට
(2021.01.26 දින නිකුත් කළ අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 බලන්න)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 10 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග
(2020.03.02 දිනැති අංක 2165/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග 2021.02.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

(පිළිවෙළින් 2020.08.17 සහ 2020.09.15 දිනැති අංක 2189/4, 2189/5 සහ 2193/9 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම රෙගුලාසි 2021.02.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)
ප.ව. 4.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – විවාදයකින් තොරව අනුමත කිරීමට
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 පෙබරවාරි මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු සුරංගනී එල්ලාවල මහත්මිය, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු කේ. පී. සිල්වා මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු කපිල් අබේරත්න මහතා, හිටපු පා.ම.

2021 ජනවාරි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනාව

(2021.01.08 දින නිකුත් කළ අංක 2(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 සිට 7 දක්වා බලන්න)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 20 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 "පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නොයෙකුත් නීතීන් යටතේ අමාත්‍යවරුන් විසින් අතිවි‍ශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග නියම කරන ලද ආකාරයට ක්‍රියාත්මක නොවීම" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

 

2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2021 ජනවාරි මස 22 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

 

2020 දෙසැම්බර් මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2021 ජනවාරි මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) අවම වේතන (ඉන්දියානු කම්කරු) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) කර්මාන්තශාලා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 සිට 7 දක්වා බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 06 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) සාක්ෂි (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ඇප (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 8, 10 සහ 11 බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග හතරක්
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුදල් පනත යටතේ නියමය
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක්

(2020.12.10 දින නිකුත් කළ අංක 2(6) දරන පරිපූරකයේ අයිතම අංක 1 සිට 10 දක්වා බලන්න.)

(v) බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2020.12.10 දිනැති අංක 44 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න.)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2021 ජනවාරි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 "රටේ පවතින තත්වය" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2020 නොවැම්බර් මස 11 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2020 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා සහ 13 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

2020 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 5.00

‍විසර්ජන පනත් කෙටුම්පත (2020) - දෙවැනිවර කියවීම
(2020.11.05 දින නිකුත් කළ අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අයිතම අංක 1 බලන්න)

ප.ව. 5.00 ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 5.00 සිට කාරක සභාව සහ තුන්වැනිවර කියවීම
 
2020 නොවැම්බර් මස 13 වැනි සිකුරාදා  
පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2020 ඔක්තෝබර් මස 29 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට මධ්‍යාහ්න 12.00 වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග දෙකක්
(2020.10.23 දින අංක 20 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 බලන්න)

 

2020 නොවැම්බර් මස 04 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2020 නොවැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2020 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2020 ඔක්තෝබර් මස 16 සහ 21 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(2020.10.09 දින නිකුත් කළ අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ අයිතම අංක 1 සහ 2 බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 ඔක්තෝබර් මස 21 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 7.30

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම ඉදිරියට කරගෙන යෑමට
(මෙම පනත් කෙටුම්පත 2020.10.09 දිනැති අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 21 වශයෙන් සඳහන් වේ.)

 

2020 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 7.30 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 7.30 පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 7.30 සිට පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව
 

2020 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 "කොවිඩ්-19 වසංගත තත්වයේ පැතිරීම හේතුකොට ගෙන රටේ පවතින වත්මන් තත්වය" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2020 සැප්තැම්බර් මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 ඔක්තෝබර් මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2020.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(පිළිවෙළින් 2020.04.16, 2020.05.22, 2020.06.30 සහ 2020.07.16 දිනැති අංක 2171/5, 2176/19, 2182/10 සහ 2184/21 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම රෙගුලාසි, 2020.09.25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2020.09.25 දින නිකුත් කළ අංක 1(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 ඔක්තෝබර් මස 07 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(ii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(iii) වරාය සහ ගුවන් ‍තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම

(ඉහත පනත් කෙටුම්පත් තුන 2020.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

(iv) විසර්ජන පනත යටතේ යෝජනා පහක්
(2020.09.25 දිනැති අංක 12 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 5 දක්වා බලන්න.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 ඔක්තෝබර් මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 "විදෙස් ගිවිසුම්" පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2020 ඔක්තෝබර් මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

2020 සැප්තැම්බර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2020 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2020 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30

(i) 2006 අංක 11 දරන සහ 2012 අංක 12 දරන මුදල් පනත් යටතේ නියෝග දෙකක්
(ii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග පහක්

(පිළිවෙළින් 2020.03.27, 2019.12.05, 2019.10.31, 2019.12.14, 2020.02.20, 2020.05.26 සහ 2020.06.17 දිනැති අංක 2168/9, 2152/35, 2147/72, 2153/29, 2163/26, 2177/2 සහ 2180/21 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියෝග හත, 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2020.09.11 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(iii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග දෙකක් සහ නියමයන් තුනක්

(පිළිවෙළින් 2020.04.08, 2020.07.01, 2020.04.02, 2020.07.01 සහ 2020.07.02 දිනැති අංක 2170/4, 2182/32, 2169/3, 2182/33 සහ 2182/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියෝග දෙක සහ නියමයන් තුන, 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2020.09.11 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

(iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තිස් එකක්

(පිළිවෙළින් 2019.11.01, 2019.11.07, 2019.11.08, 2019.12.13, 2019.12.24, 2020.01.24, 2020.02.01, 2020.02.24, 2020.03.03, 2020.03.07, 2020.03.18, 2020.03.26, 2020.04.09, 2020.04.16, 2020.04.30, 2020.05.07, 2020.05.21, 2020.06.16, 2020.06.16, 2020.06.26, 2020.07.18, 2020.07.31, 2019.10.28, 2019.11.28, 2020.02.06, 2020.03.13, 2020.03.18, 2020.04.16, 2020.05.22, 2020.06.26 සහ 2020.07.10 දිනැති අංක 2147/74, 2148/25, 2148/37, 2153/28, 2155/12, 2159/41, 2160/63, 2164/10, 2165/12, 2165/73, 2167/11, 2168/7, 2170/5, 2171/2, 2173/12, 2174/7, 2176/18, 2180/10, 2180/11, 2181/23, 2184/53, 2186/32, 2147/5, 2151/44, 2161/34, 2166/34, 2167/10, 2171/3, 2176/20, 2181/24 සහ 2183/44 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද මෙම නියමයන් තිස් එක, 2020.09.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2020.09.11 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ පළ කරන ලදී.)

ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 23 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 "2019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01 – 2019.10.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව" පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 "2019 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2019.10.01 – 2019.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව" පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2020 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා -
(i) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. කේ. බී. රත්නායක මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු සුරංගනී එල්ලාවල මහත්මිය, හිටපු පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks