පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (4) ව්‍යවස්ථාවට අනුව මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ
(ii) 2013 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ
(iii) 2013 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ
(iv) 2013 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(v) 2012 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ
(vi) 2011 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ
(vii) 2012 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ
(viii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ
(ix) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ
(x) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ
(xi) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
(xii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ
වාර්ෂික වාර්තා
(xiii) 2013, 2014 සහ 2015 යන වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ වැඩසටහන
(xiv) 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා
(xv) සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා සාදන ලදුව 2014 ජුනි මස 16 දිනැති අංක 1867/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
(ii) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ)
විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට සහ විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ඇතැම් ආයතනවලට ශ්‍රී ලංකාවේ ඉඩම්වල සන්තකය පැවරීම සීමා කිරීමට විධිවිධාන සැලසීම සඳහා ද; නිදහස් කිරීම් ප්‍රදානය කර ඇති අවස්ථානුගත කරුණු නිශ්චිතව සඳහන් කිරීම සඳහා ද; විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට සහ විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ඇතැම් ආයතනවලට ඉඩම් බද්දට දීම වෙනුවෙන් ඉඩම් බදුකරණ බද්දක් පැනවීම සඳහා ද; ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන සැලසීම සඳහා ද; 1963 අංක 11 දරන මුදල් පනතේ VI වැනි කොටස ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතක් ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
ගණපූරණය නොමැති බැවින් කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1739 ට 2014 සැප්තැම්බර් මස 10 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks