E   |     |  

2021 ජනවාරි මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(vii)    2019 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(viii)    2019 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ix)    2019 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ  වාර්ෂික කාර්යසාධන වාර්තාව

(x)    2018 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව

(xi)    2016 වර්ෂය සඳහා ජාතික ආරක්ෂක අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා        -  පෙත්සම් දෙකයි
(ii)    ගරු දුමින්ද දිසානායක මහතා        -  පෙත්සම් දෙකයි
(iii)    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා  -  පෙත්සම් දෙකයි
(iv)    ගරු ඩී. වී. චානක මහතා              -  පෙත්සම් දෙකයි
(v)    ගරු විජිත හේරත් මහතා              -  පෙත්සම් දෙකයි
(vi)    ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා       -  පෙත්සම් පහයි
(vii)    ගරු බුද්ධික පතිරණ මහතා            -  පෙත්සම් දෙකයි   
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i)    ගරු පාඨලී චම්පික රණවක මහතා
(ii)    ගරු අනුර දිසානායක මහතා
(iii)    ගරු  (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
(iv)    ගරු නලින් ප්‍රනාන්දු මහතා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
කොවිඩ්-19 සහ රටේ ආර්ථික ප්‍රතිපත්තිය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    සාක්ෂි (සංශෝධන)  පනත් කෙටුම්පත
(iii)    ඇප (සංශෝධන) පනත් කෙටුම්පත
(iv)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සංචාරක කර්මාන්තය නැවත පණගැන්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1806 ට 2021 ජනවාරි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks