පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් සේවා අංශයේ කාර්යසාධන වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(viii) 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ග්‍රාමීය ආර්ථික කටයුතු හා පශු සම්පත් සංවර්ධන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ix) 2019 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi) 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 8(1)(ආ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 19 දිනැති අංක 2154/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 8(1)(ආ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 මාර්තු 13 දිනැති අංක 2166/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 8(1)(ආ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 16 දිනැති අංක 2180/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ලොකුගේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
(iii) ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දහහතයි
(v) ගරු ජයන්ත කැටගොඩ මහතා
(vi) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
(vii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
සංචාරක ක්ෂේත්‍රය සඳහා සහන වැඩසටහනක්
සංචාරක අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) - 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) - 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම පිණිස වූ
(iv) මුදල් (සංශෝධන) - 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම පිණිස වූ
ඉහත පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
(v) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ
“විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 43 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) 2006 අංක 11 සහ 2012 අංක 12 දරන මුදල් පනත් යටතේ නියෝග දෙකක්
(ii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග පහක්
(iii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග දෙකක් සහ නියමයන් තුනක්
(iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තිස් එකක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතු පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලු කුමාර් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1654 ට 2020 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks