01

E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

0497/2018: Education Department Uva Province audit query

1738/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 සහ 2016 වර්ෂවලට අදාළව, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා 2016.10.18 දිනැති විගණන විමසුමක් නිකුත් වී තිබෙන බව එතුමා දන්නේද;

             (ii)       එසේ නම්, එම විගණන විමසුමේ පාසල් පාදක කළමනාකරණ හා පාසල් පාදක ගුරු සංවර්ධනය පිළිබඳව තායිලන්තයේ හා පිලිපීනයේ පැවති ගුරු පුහුණු වැඩමුළුවලට අදාළව, අංක 2, ආ, ඇ, ඈ, ඉ සහ ඊ යන වගන්තිවල දැක්වෙන කරුණු සහ අංක 3 ඡේදයේ දැක්වෙන කරුණු මෙම සභාවට ඉදිරිපත්  කරන්නේද;

 

(iii) එහිදී සිදු වී ඇති යම් අක්‍රමිකතා, දූෂණ හා නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව පියවර ගන්නේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks