01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0228/2018: Bridge constructed in Kilinochchi under 1000 bridges project

2112/’17

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ‘පාලම් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන’ යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි ඌට්රුප්පුලම්, වල්ලුවර්පන්නෙයි ගම්මානය කරා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන පාලමෙහි ඉදිකිරීම් කටයුතු,  2016 අගෝස්තු මස 25 දින ආරම්භ කරන ලද බවත්;

(ii) මෙහි කොන්ත්‍රාත් කාලය 2017 මැයි මස 21 දින අවසන් වූ බවත්;

(iii) එහෙත්, ඉහත පාලමෙහි ඉදිකිරීම් කටයුතු මේ දක්වා සම්පූර්ණ කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත පාලමෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;

(ii) එසේ නම්, එම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks