01

E   |     |  

 දිනය: 2018-09-04   පිළිතුර ලබා දී ඇත 

0226/2018: Resettlement of people of two villages

226/’18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ       පිහිටා තිබෙන ඉරනෙයියාලෙයි සහ ආනන්දපුරම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචිකර ඇති බවත්;

(ii) එකී ජනතාව එම ප්‍රදේශවල වතු ඉඩම් ශුද්ධ පවිත්‍ර කිරීමේදී විශාල වශයෙන් පුපුරන ද්‍රව්‍ය හමු වී ඇති අතර ඒ සම්බන්ධව නිසි බලධාරින්ට දන්වා ඇති බවත්;

(iii) එමනිසා අදාළ ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට දැන්වීම් පුවරු සවිකර තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

 

(ආ) (i) මෙම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පුපුරණ ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-04

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks