01

E   |     |  

 දිනය: 2018-08-08   පිළිතුර ලබා දී ඇත 

0052/2018: Proposals 152- Budget 2016

52/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැයෙහි අංක 152 යෝජනාවට අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ඇප අරමුදල යටතේ, ඉස්සන් කර්මාන්තයෙහි යෙදී සිටින්නන්ට ලබා දුන් ඇප ප්‍රමාණය හා වටිනාකම කොපමණද;

(ii) ඉහත යෝජනාවට අනුව ප්‍රතිලාභ හිමිකරගත් ඉස්සන් වගාකරුවන්, අභිජනන ක්‍රියාකරුවන් සහ සැලසුම්කරුවන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) 2017 වර්ෂය තුළදී ඉස්සන් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මඟින් ලබා දෙන දායකත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-08

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks