01

E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

2342/2018: Relief for Samurdhi beneficiaries who risk losing their benefits

2342/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මේ වනවිට රට තුළ සමෘද්ධි සහනාධාරය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම සහනාධාරවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

           (iii)      දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් නව සමෘද්ධි සහනාධාර ලබාදීම හා අත්හිටුවීම සම්බන්ධයෙන් අදාළ නාමලේඛන ප්‍රසිද්ධ කර ඇති බවත්;

(ii) සමෘද්ධි සහනාධාර අත්හිටුවීමට අදාළ නාමලේඛනයන්හි ඉතා දිළිඳු හා ආබාධිත පුද්ගලයන් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) ඔවුන් වෙනුවෙන් වෙනත් කවර හෝ සහනයක් සලසන්නේද; නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks