01

E   |     |  

 දිනය: 2017-12-05   පිළිතුර ලබා දී ඇත 

2195/2017: Leasing out tea estates belonging to the Government to the private sector

2195/’17

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රජය සතුව තිබූ තේ වතු දීර්ඝකාලීන බදු පදනම මත පෞද්ගලික සමාගම්වලට අඩු මුදලකට  ලබාදී ඇති බව පිළිගන්නේද;

            (ii)      මෙම වතු බදු දීමේදී රජය අය කරනු ලබන මුදල කොපමණද;

(iii) ඒ සඳහා පනවා ඇති කොන්දේසි කවරේද;

(iv) මෙම සමාගම් බදු මුදල් නොගෙවමින්, කොන්දේසි කඩකරමින් සහ වතු නඩත්තු නොකර වතු විනාශ කරමින් සිටින බව පිළිගන්නේද;

(v) රජය සමඟ අත්සන් කළ ගිවිසුම් කඩකරමින් පවතින බැවින්, මෙම වතු සශ්‍රීකකර රටේ ජාතික ආර්ථිකයට දායකකර ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-05

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks