01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2152/2018: Roads belonging to Wayamba Provincial Road Development Authority

2152/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)      එම සංඛ්‍යාව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) 2013, 2014, 2015, 2016 සහ 2017 යන වර්ෂයන්හි වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ කාපට් අතුරන ලද මාර්ග සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) වයඹ පළාත් සභාවට අයත් මාර්ග සංවර්ධනය කිරීමට හා නඩත්තු කිරීමට ප්‍රතිපාදන සපයනු ලබන ප්‍රභවයන් කවරේද;

(v) 2013, 2014, 2015, 2016 සහ 2017 යන වර්ෂයන්හි ඉහත ප්‍රභවයන් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය එක් එක් ප්‍රභවය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks