01

E   |     |  

 දිනය: 2017-12-08   පිළිතුර ලබා දී ඇත 

2122/2017: Taxes on Oil Imports

2122/’17

ගරු ජයන්ත සමරවීර මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පෙට්‍රල් ආනයනයේදී පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජය විසින් අයකරනු ලබන ආනයනික බද්ද කොපමණද;

             (ii)       පෙට්‍රල් ලීටරයක් සඳහා රජය විසින් ආනයන බද්ද හැර වෙනත් බදු අය කරන්නේද;

  (iii) එසේ නම්, එම බදු කවරේද;

(iv) එක් ලීටරයක් සඳහා අයකරනු ලබන බදු ප්‍රමාණය, එක් එක් බදු වර්ගය අනුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පෙට්‍රල් ලීටරයක් සඳහා රජය විසින් අයකරනු ලබන මුළු බදු ප්‍රමාණය, පෙට්‍රල් ලීටරයක සිල්ලර මි‍ලෙහි කවර ප්‍රතිශතයක්ද;

(ii) පෙට්‍රල් ලීටරයක් සඳහා රජය අයකරනු ලබන සියලු බදු ඉවත් කලහොත් පාරි‍භෝගිකයාට පෙට්‍රල් ලීටරයක් ලබා දිය හැකි සිල්ලර මිල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) පෙට්‍රල් ලීටරයක් සඳහා රජය විසින් විවිධ වර්ගයේ බදු අය කිරීම භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වැඩිවීමට බලපා ඇති බවත්;

(ii) පෙට්‍රල් ලීටරයක් සඳහා රජය අයකරනු ලබන සියලු බදු ඉවත් කළහොත් භාණ්ඩ හා සේවාවල මිල අඩුකිරීමට හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-08

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks