01

E   |     |  

 දිනය: 2017-11-11   පිළිතුර ලබා දී ඇත 

2118/2017: Persons died, houses damaged by Floods and Earth-slips in Kalutara District 2017

2118/’17

ගරු ජයන්ත සමරවීර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2017.05.27 දින ඇති වූ ගංවතුර හා නායයෑ‍මේ ආපදා තත්ත්වයෙන් කළුතර දිස්ත්‍රික්කය තුළ මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      ගංවතුරෙන් හා නායයෑමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 

(ආ) එම ව්‍යසනයෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන්ගේ,

(i) නම,ලිපිනය,වයස,රැකියාව සහ ස්ත්‍රී / පුරුෂ භාවය;

(ii) ග්‍රාම නිලධාරි වසම හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය;

(iii) ළඟම ඥාතිවරයාගේ නම සහ ලිපිනය;

කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) එලෙස මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් මේ වනවිට වන්දි ගෙවා තිබේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන්ගේ නම් සහ ගෙවා ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වන්දි ගෙවා අවසන් කිරීමට අපේක්ෂිත දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-11

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks