පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1878/’17
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016.04.01 දින සිට 2017.05.31 දින දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ මුළු විදුලි බිල කොපමණද;
(ii) එම කාලය තුළ රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කුලියට ගත් ඩී. පී. ජයසිංහ ගොඩනැගිල්ලේ මුළු විදුලි බිල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් 1,39,32,765.71කි. (එක්කෝටි තිස්නව ලක්ෂ තිස්දෙදහස් හත්සිය හැටපහයි ශත හැත්තෑඑකකි.)
(ii) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම ගොඩනැඟිල්ලේ අදාළ විදුලි බිල් ගෙවා ඇත්තේ, එහි කාර්යාල පහසුකම් සකස් කිරීම ආරම්භ කළ 2017 මාර්තු මස සිටය. 2017 මාර්තු මස සිට මැයි මස දක්වා වූ එම විදුලි බිල රුපියල් 49,33,896.58කි. (හතළිස්නවලක්ෂ තිස්තුන්දහස් අටසිය අනූහයයි ශත පනස්අටක් පමණි.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks