පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1815/’17
ගරු බිමල් රත්නායක මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථානවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියක් පවතින බවත්;
(ii) එසේ මුදල් ලබාදීමේදී තෝරාගත් විහාරස්ථානවලට පමණක් මුදල් ලබාදෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙලෙස විහාරස්ථානවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියක් පවතින්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-03
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඍජුවම විහාරස්ථානවලට මුදල් ලබා දීමේ ක්‍රියාවලියක් නැත.
(ii) බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් වෙත මූල්‍ය ප්‍රතිපාදන යොමු කෙරේ. දිස්ත්‍රික් ලේකම් මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ.
(ආ) (i) ඉහත (අ) (ii)හි දැක්වේ.
(ii) ඒ අනුව, පැහැදිලි කිරීමක් පහත දැක්වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි ඊළඟ රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ. මිලියන 100කින් මෙම කටයුතු කරන්න බැහැ. මම පළමුදා ගරු මුදල් ඇමතිතුමා හමු වුණා. මම එතුමාගෙන් මිලියන 500ක් ඉල්ලුවා. අපි කොහොම වුණත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 225ක් ඉලක්ක කරගෙන තිබෙනවා.
විහාරස්ථාන සංවර්ධනය සඳහා වාර්ෂිකව වෙන් වන ඉතිරි ප්‍රතිපාදනවලින් ප්‍රමුඛතා ගත කරන විහාරස්ථාන සඳහා ආධාර වෙන් කරනු ලැබේ. බුද්ධශාසන අමාත්‍යාංශය වෙත විහාරස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ලැබෙන ඉල්ලීම්, විශේෂ තේරීම් කමිටුවක් වෙත යොමු කරන අතර කමිටුව විසින් සකස් කරන ලද නිර්ණායක පදනම් කරගත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත ප්‍රමුඛතා ගත කරනු ලැබේ. ඇමුණුම* බලන්න.
මීට අමතරව අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වන විශේෂ ඉල්ලීම්වල ශක්‍යතාව සලකා බලා ආධාර ලබා දීමද සිදු වේ. තවද,
පූජාභූමි වශයෙන් ගැසට් කරන ලද විහාරස්ථාන සඳහා ලැබෙන ඉල්ලීම් වෙනුවෙන් පූජාභූමි සංවර්ධනය යටතේ වෙන් වී ඇති ප්‍රතිපාදන මත ආධාර ලබා දෙනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks