01

E   |     |  

 දිනය: 2017-10-04   පිළිතුර ලබා දී ඇත 

1799/2017: Bim Saviya Program

1799/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඉඩම් ගැටලු නිරවුල් කිරී‍මේ අරමුණින් “බිම්සවිය” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;

             (ii)       එය මේ වනවිට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන්නේද;

(iii) නොඑසේ නම්, “බිම්සවිය” වැඩසටහන ක්‍රියාත්මකවන දිස්ත්‍රික්ක කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) මේ වනවිට එම “බිම්සවිය” වැඩසටහන කඩිනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේද;

  (ii) එම වැඩසටහන කඩිනම් කිරීම සඳහා විදේශීය ආධාර ලබා ගන්නේද;

 (iii) එසේ නම්, එය විදේශ ආධාරයක්ද; එසේ නැතහොත්, ණය මුදලක්ද;

(iv) එම ආධාරයේ මූල්‍යමය වටිනාකම කොපමණද;

(v) “බිම්සවිය” වැඩසටහන සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-04

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks