පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1777/’17
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “මැරයින් ඩ්‍රයිව්” (Marine Drive) මාර්ගය දෙහිවල සහ වැල්ලවත්ත අතර සීමාවෙන් අවසන් කිරීමට හේතුව කවරේද;
(ii) එම මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමේ සැලසුමක් තිබේද;
(iii) එසේ නම්, මාර්ගය දීර්ඝ කිරීමේදී ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩාංගනයෙන් යම් කොටසක් පවරා ගැනීමක් සිදුවේද;
(iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;
(v) එම පවරා ගැනීම සිදු කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-22
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දෙහිවල සහ වැල්ලවත්ත අතර සීමාවෙන් මෙම මාර්ගය අවසන් නොවේ.
මැරයින් ඩ්‍රයිව් මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට වැල්ලවත්ත සිට දෙහිවල ෆ්රේසර් ඇවනියු - Frazer Avenue - දක්වා කොටස සංවර්ධනය කර අවසන් අතර ෆ්රේසර් ඇවනියු සිට දෙහිවල ඕබන් සයිඩ් - Auburn Side - දක්වා කොටස සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
(ii) මැරයින් ඩ්‍රයිව් මාර්ගය දෙහිවල සිට පානදුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමට ටෙන්ඩර් මඟින් ටෙක්නික් කන්සල්ටන්සි ඉංජිනියරින් එස්.පී.ඒ. සහ ඊ.එම්.එල්. කන්සල්ටන්ස් පුද්ගලික සමාගම යන හවුල් සමාගම තෝරා ගෙන ඇති අතර ගිවිසුම සකස් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අංශය මඟින් සිදු කරමින් පවතී.
දෙහිවල ඕබන් සයිඩ්හි සිට ඉදිරියට ඉදි කරනු ලබන මාර්ග පථය පිළිබඳව මේ දක්වා ස්ථිර තීරණයකට එළඹ නැත. ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵලය අනුව එම තීරණය ගනු ඇත.
(iii) ශක්‍යතා අධ්‍යනය වාර්තාව ලැබීමෙන් අනතුරුව අවසන් මාර්ග පථය තීරණය කරන තුරු අත්පත් කර ගැනීම සම්බන්ධව පූර්වකථනයක් සිදු කළ නොහැක.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks