01

E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1775/2017: ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ තරග විභාගය: විස්තර

1775/’17

ගරු ජයන්ත සමරවීර මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017.03.31 දිනට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2017.03.31 දිනට රාජකාරියේ නියුතු ග්‍රාම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iv) එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2017.03.31 දිනට පුරප්පාඩු වී ඇති ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව කොපමණද;

(ii) එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ග්‍රාම නිලධාරි කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ග්‍රාම නිලධාරින් බඳවාගැනීමට තරඟ විභාගයක් පවත්වා තිබේද;

(iv) එසේ නම්, විභාගය පැවැත්වූ වර්ෂය සහ ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන්  සංඛ්‍යාව කොපමණද;

(v) ‍විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබේද;

(vi) එසේ නම්, එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ  අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(vii) ග්‍රාම නිලධාරි තනතුරු සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(viii) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       14,022.

              (ii)      

 

 

පළාත

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව

ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව

බස්නාහිර

කොළඹ

13

558

 

ගම්පහ

13

1177

 

කළුතර

14

762

දකුණ

ගාල්ල

19

896

 

මාතර

16

650

 

හම්බන්තොට

12

576

සබරගමුව

කෑගල්ල

11

573

 

රත්නපුරය

17

575

වයඹ

කුරුණෑගල

30

1610

 

පුත්තලම

16

548

උතුර

යාපනය

15

435

 

මන්නාරම

5

153

 

වවුනියාව

4

102

 

මුලතිව්

5

127

 

කිලිනොච්චිය

4

95

උතුරු මැද

අනුරාධපුරය

23

702

 

පොලොන්නරුව

7

295

මධ්‍යම

මහනුවර

20

1188

 

මාතලේ

11

545

 

නුවරඑළිය

5

491

නැඟෙනහිර

මඩකලපුව

14

345

 

අම්පාර

20

503

 

ත්‍රිකුණාමලය

11

230

ඌව

බදුල්ල

15

567

 

මොනරාගල

11

319

 

(iii) 12,207

(iv) ඇමුණුම I මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම I සභාගත* කරමි.

(අ) (i) 1,815

(ii) ඇමුණුම IIහි සඳහන්ව ඇත. ඇමුණුම සභාගත* කරමි.

(iii) ඔව්.

(iv) එක් ලක්ෂ විසිදහසකි. (2016 වර්ෂයේ අයදුම්කරුවන් 120,000ක් සිටී.)

(v) නැත.

(vi) අදාළ නොවේ.

(vii) අදාළ නොවේ.

(viii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks