01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1774/2017: “සව්සිරිපාය”ගොඩනැඟිල්ල: අයිතිය

1774/’17

ගරු විජිත හේරත් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින “සව්සිරිපාය” ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳ නෛතික තත්ත්වය කවරේද;

            (ii)       ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට, “සව්සිරිපාය” ගොඩනැගිල්ලෙන් ඉවත්වීමට සිදුවී තිබේද;

(iii) එසේ නම්, ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කවරේද;

(iv) “සව්සිරිපාය” ගොඩනැගිල්ල වෙනත් අමාත්‍යාංශයකට පැවරීමට සැලැස්මක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ ( ICTAD) ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා "සව්සිරිපාය" ගොඩනැඟිල්ල ටවර්හෝල් රඟහල පදනමට රජය මඟින් ප්‍රදානය කර ඇති ඉඩමෙහි දීර්ඝකාලීන බදු ගිවිසුමක් මත ඉදිකර ඇත.

                        "සව්සිරිපාය" ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනය - වර්තමානයේ ඉදිකිරීම් කර්මාන්ත  සංවර්ධන අධිකාරිය (CIDA)-  පවත්වා ගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය - UDA - විසින් ටවර් හෝල් රඟහල පදනම ( THTF) සමඟ 1986.05.15 දිනැතිව අත්සන් කරන ලද 30 අවුරුදු බදු ගිවිසුම 2016.05.14 දිනෙන් අවසන් වී ඇත. මෙම බදු ගිවිසුමේ කොන්දේසි සලසා ඇති පරිදි බදු ගිවිසුම තවත් 30 අවුරුද්දකින් දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.

(ඇමුණුම්* 1, 2, 3, 4, 5(අ) හා 5(ආ) ඉදිරිපත් කරමි.)

(ii) නැත.

(iii) ඉහත II පිළිතුර අනුව අදාළ නොවේ.

      (iv)  නැත.

(ආ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks