01

E   |     |  

 දිනය: 2017-11-25   පිළිතුර ලබා දී ඇත 

1758/2017: Overseas Bank Accounts belonging to Sri Lankans

1758/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලාංකිකයන් විසින් ලෝකයේ විවිධ රටවල පවත්වාගෙන යන බැංකු ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී 2016 ජූලි මස 05 වැනි දින මවිසින් විමසූ බවත්;

            (ii)      එම ප්‍රශ්නයට අදාළ සියලු තොරතුරු සොයා බලා මෙම සභාවට දන්වන බවට  පොරොන්දු වූ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ප්‍රශ්නය අසා මේ වනවිට සෑහෙන කාලයක් ඉක්ම ගොස් තිබුනද, එයට අදාළ පිළිතුරු  ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව පිළිගන්නේද;

(ii) ලෝකයේ විවිධ රටවල ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාගැනීමට රජය, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ක්‍රියා කරනු ලැබුවේද;

(iii) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-25

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks