පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1756/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්තමානයේදී වල් ඌරන්ගෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙමින් පවතින බවත්;
(ii) මේ වනවිට වන අලියා, කිඹුලා, වලහා, දිවියා හා කුළු හරකා යන සතුන්ගෙන් සිදුවන ජීවිත හානියකදී ස්ත්‍රී, පුරුෂ සමාජභාවය සහ වයස් භේදයකින් තොරව රු.200,000/-ක වන්දි මුදලක් ලබාදීමට කටයුතු සලසා ඇති බවත්;
(iii) නමුත්, වල් ඌරාගෙන් සිදුවන ජීවිත හානියකදී එවන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එවන් හානිවලට ලක් වූ ඉතා අසරණ තත්ත්වයෙන් පසුවන අය වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා කඩිනමින් වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වල් ඌරන්ගෙන් මිනිස් ජීවිතවලට හානි සිදු වී ඇති බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්තා වී නොමැත. මේ වන කල් නම් එහෙම හානියක් වෙලා නැහැ. ගරු මන්ත්‍රීතුමනි, මට ආරංචියක් ලැබී තිබෙනවා, මහනුවර ඔබතුමාගේ ආසනයේ පිහිටි උද්භිද උද්‍යානයේ ඊයේ පෙරේදා දවසක වල් ඌරෙකු සුද්දන්ගේ කකුල් අස්සෙන් ඇතුළට ගියාය කියා. ඔබතුමාගේ ප්‍රදේශයේ -නුවර- තිබුණු කැලයක් එළි කළා නේද? ඒ කැලේ සිටින ඌරන් එහේට ගිහිල්ලා. මේ වෙනතෙක් එවැනි සිදුවීමක් වෙලා නැහැ.
(ii) නැත.
(iii) ඔව්.
(ආ) (i) ජීවිත හානි හා ශාරීරික හානි වාර්තාවීම් සිදු වී නොමැති බැවින් වන්දි ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.
(ii) ඉහත (ආ) (i) අනුව අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks