E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1712/2017: කින්නියා රෝහලට ඇතුළත් කරන ලද ඩෙංගු රෝගීන්: විස්තර

1712/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017 වර්ෂයේ මේ දක්වා කින්නියා රෝහලට ඇතුළත් කරන ලද ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කවරේද;

             (ii)       ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ අතරින් කී දෙනෙකු මියගියේද;

            (iii)       ඩෙංගු වසංගතය හේතුවෙන් කින්නියා රෝහලේ වෛද්‍යවරුන්, කාර්යමණ්ඩලය, ඇඳන් සහ ඉඩකඩ පිළිබඳ බරපතල හිඟයක් ඇතිවී තිබේද;

(iv) මෙම තත්ත්වය විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(v) කින්නියා රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් ත්‍රිකුණාමලය රෝහලට මාරුකිරීම සිදුවී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       1574කි. (එක්දහස් පන්සිය හැත්තෑ හතරක්)

              (ii)       13කි.

              (iii)       නැත.

              (iv)       පැන නොනඟී.

              (v)       නැත.

(ආ)      පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks