01

E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1694/2017: පුල්මු‍ඩේ ලංකා ඛනිජ වැලි සමාගම: විස්තර

1694/’17

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පුල්මු‍ඩේ ලංකා ඛනිජ වැලි සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය කොපමණද;

             (ii)       එම සමාගමේ වර්තමාන සේවක සංඛ්‍යාව කොපමණද;

            (iii)       පසුගිය වසරේදී මෙම සමාගම ලැබූ ලාභය කොපමණද;

(iv) එකී සමාගම යටතේ ක්‍රියාත්මක අංශ කවරේද;

(v) එක් එක් අංශයේ සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සමාගමට අලුතින් බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන් බඳවා ගැනීම සඳහා අනුගමනය කළ බඳවාගැනීමේ ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks