පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වී වගාවෙහි නිරතව සිටින ගොවීන්ට පසුගිය රජය සමයේ සහන මිලට පොහොර ලබාදීමේදී, ගොවීන් පොහොර කිලෝ 50ක් සඳහා කුඹුරු රක්ෂණය වෙනුවෙන් රු. 150/-ක් බැගින් ගෙවූ බවත්;
(ii) ඉහත රක්ෂණ මුදල ගෙවූ ගොවීන්ගේ, කුඹුරු හානිවූ විට ඒ සඳහා වන වන්දි මුදල් පහසුවෙන් ලබාගත් බවත්;
(iii) වර්තමානයේ ඉහත සඳහන් රක්ෂණ මුදල් අයකිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන බවත්;
(iv) මෑතක සිට නොකඩවා සිදුවන කාලගුණ වෙනස්වීම් හේතුවෙන් වී වගාවට සිදුවන විශාල හානි සම්බන්ධයෙන් ගොවීන්ට වන්දි මුදල් ලබා දීමේදී ප්‍රමාදයන් සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පීඩාවට පත් ගොවීන්ට වන්දි මුදල් ගෙවීමට යම්කිසි ක්‍රමවේදයක් තිබේද;
(ii) පෙර පැවති ආකාරයට කුඹුරු ඉඩම් රක්ෂණය වැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-06
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) වර්තමානයේ රක්ෂණ මුදල් අය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවුණද වන්දි මුදල් පෙර පරිදි ගෙවනු ලැබේ.
(iv) මුලදී වන්දි මුදල් ගෙවීමේදී මාස තුනක කාලයක් ගත වුවත්, මේ වනවිට සති තුනක කාලයක් දක්වා අඩු කර ඇත.
(ආ) (i) ඔව්.
මේ වනවිට පරිපාලන ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අඩුකර ගෙන ඇති අතර, ඉදිරියේදී agricultural insurance information තවත් කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්මයට විශේෂිත වූ "weather index insurance" හඳුන්වාදීමට කටයුතු කරමින් පවතී.
(ii) පෙර පැවැති ආකාරයට වඩා වන්දි මුදලක් ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකසා ඇති අතර, මේ වනවිට එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. (පෙර පැවැති ආකාරයට උපරිම වන්දිය වන රුපියල් 10,000.00 නව ක්‍රමවේදය යටතේ රුපියල් 40,000.00 දක්වා වැඩි වනු ඇත.)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks