E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1680/2017: වෛද්‍ය හිඟය නිසා තාවකාලිකව වසා දමා ඇති ප්‍රාදේශීය රෝහල් : මඩකලපුව දිස්ත්‍රික්කය

1680/’17

ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා,— සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මඩකළපු දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය රෝහල් වන මාන්කර්නි, මහිලූර්, මාන්චෝලෛ, උන්නිච්චායි, කදිරවේලි, මන්ඩූර් සහ මහිලවට්ටුවන් යන රෝහල් වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති බවත්;

(ii) අනෙකුත් පහසුකම් සහ නාම පුවරු ද සහිතව ගොඩනැගිලි පවතින බවත්;

(iii) වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් දුර්වල මට්ටමක පවතින, ඉතා දුරබැහැර ප්‍රදේශ කරා ගමන් කිරීමට සිදුවීමෙන් මෙම ප්‍රදේශවල රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්;

(iv) ගම්වාසී දුගී රෝගීන්ට නොමිලේ වෛද්‍ය සේවා සැපයීමේ සංකල්පය මුදුන්පත්වී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම රෝහල් යළි විවෘත කර අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු හෝ ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) මෙම රෝහල් යළි විවෘත කර සේවා සපයන මට්ටමට ගෙන එනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      මාන්කර්නි ප්‍රාථමික වෛද්‍ය ආයතනය පමණක් තාවකාලිකව වසා ඇත.

               (ii)      ඔව්.

              (iii)      පැන නඟිනුයේ මාන්කර්නි ප්‍රාථමික වෛද්‍ය ආයතනය සඳහා පමණි.

              (iv)      පැන නොනඟී.

(ආ)           (i)      2017 වර්ෂයේ වෛද්‍යවරුන් දැනටමත් ලබා දී ඇති අතර, නව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීමේදී මාන්කර්නි රෝහලට වෛද්‍යවරුන් ලබා දීමට බලාපොරොත්තු

වේ.

(ii) මාන්කර්නි රෝහල නව පශ්චාත් පුහුණු පත්වීම් ලබා දුන් වහාම යලි විවෘත කළ හැක.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks