01

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1677/2017: මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් : සිටිය යුතු සහ දැනට සිටින ගුරුවරු සංඛ්‍යාව

1677/’17

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ බටහිර සහ කල්කුඩා අධ්‍යාපන කලාපවල තිබෙන පාසල්වල නම්, ගුරු වර්ගය අනුව එක් එක් පාසලේ සිටිය යුතු ගුරුවරු සංඛ්‍යාව සහ දැනට සිටින ගුරුවරු සංඛ්‍යාව කවරේද;

(ii) මෙම දිළිඳු ග්‍රාමීය සිසුන්ට නිදහස් අධ්‍යාපනය සඳහා පවතින සමාන අයිතිවාසිකම් සහතික කිරීම පිණිස පවත්නා පුරප්පාඩු පිරවීමට යාබද අධ්‍යාපන කලාපවල අතිරික්ත ගුරුවරුන් මාරු කරන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබා දෙන්නේද;

(iii) එසේ නම්, ඒ කවදාද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      1/2006 චක්‍රලේඛය අනුව සමාලෝචිත ගුරු සේවක පිරිස් විස්තර ඇමුණුම 01* මඟින් දැක්වේ.

              (ii)      පළාත් අධ්‍යක්ෂවරයා සතු වගකීමකි.

              (iii)      අදාළ නොවේ.

(ආ)            අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks