පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මෙම වගා කන්නයේදී ලංකාවේ වී වගා කළ සමස්ත බිම් ප්‍රමාණය කොපමණද;
(ii) පවතින දැඩි නියඟය හේතුවෙන් වගා හානි වූ බිම් ප්‍රමාණය කොපමණද;
(iii) නියඟයෙන් රටට අහිමි වේ යැයි තක්සේරු කර ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වගා හානි වූ ගොවීන් වෙනුවෙන් රජය ලබාදීමට බලාපොරොත්තු වන සහන කවරේද;
(ii) ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මුදල් වෙන් කර තිබේද;
(iii) එසේ නම්, එම මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-22
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අක්කර 612,223.57කි. (හයලක්ෂ දොළොස් දහස් දෙසිය විසි තුනයි දශම පහයි හතයි)
(ii) අක්කර 50,615.05කි. (පනස් දහස් හයසිය පහළොවයි දශම බින්දුවයි පහයි)
(iii) වී බුසල් 4,053,395.37කි. (හතලිස්ලක්ෂ පනස්තුන් දහස් තුන්සිය අනූපහයි දශම තුනයි හතයි)
(ආ) (i) උපරිමය අක්කරයකට රුපියල් 10,000.00කට යටත්ව වන්දි අයදුම් පත් ලැබුණු වහාම වන්දි ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ii) කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මුදල් වෙන් කර නැත. නමුත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, ජාතික රක්ෂණ භාර අරමුදලින් පවත්වාගෙන යනු ලබන වගා බදු අරමුදල භාවිතා කරමින් වන්දි ගෙවනු ලැබේ.
(iii) අක්කරයකට උපරිමය රුපියල් 10,000.00කට යටත්ව ඉල්ලුම් කරන ලද සෑම අයදුම්කරුවෙකුටම ගෙවනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks