පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1668/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගම්වැදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ මියගිය පුද්ගලයන්ගේ නම් කවරේද:
(iii) පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයට මුහුණ පා සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම් කවරේද;
(iv) මෙම ගැටලුවට මුහුණ දීම හේතුවෙන් ජීවිත, නිවාස හා වගා හානිවූ පුද්ගලයන්ට අමාත්‍යාංශය හරහා සහන ලබා දෙන්නේද;
(v) එසේ නම්, එම සහන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-24
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුද්ගලයන් දහඅට දෙනෙකි. (18)
(ii) මිය ගිය පුද්ගලයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
|
වර්ෂය |
මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව |
නම |
|
2010 |
0 |
නැත |
|
2011 |
3 |
බී. සිරා මහතා |
|
|
|
ඩී.එම්. ඩිංගිරිබණ්ඩා මහතා |
|
|
|
ආර්.එම්. සෙනෙවිරත්න මහතා |
|
2012 |
2 |
ඩබ්.එල්.එම්. සුද්දා මහතා |
|
|
|
සුනිල් එදිරිසිංහ මහතා |
|
2013 |
5 |
එච්.බී. පුංචිරාළ මහතා |
|
|
|
ඩී.එම්. ප්‍රේමතිලක මහතා |
|
|
|
ජේ.ඒ. ආනන්ද ජයකොඩි මහතා |
|
|
|
ටී.ජී. විජේසේකර මහතා |
|
|
|
ඒ.එම්.එම්. සුනිල් ප්‍රේමතිලක මහතා |
|
2014 |
5 |
කේ.ඩී. අනුර ජයවර්ධන මහතා |
|
|
|
එච්.එම්. තිලකරත්න මහතා |
|
|
|
එල්.ඒ. රත්නායක රාජපක්ෂ මහතා |
|
|
|
දූවගේ නිමල් රංජිත් පෙරේරා මහතා |
|
|
|
ආර්.එම්. රත්නායක බණ්ඩාර මහතා |
|
2015 |
1 |
එස්.එම්.කේ. සෝමපාල මහතා |
|
2016 |
2 |
එච්.එම්. පියසේන මහතා |
|
|
|
ඒ.එච්. ආරියසේන මහතා |
|
2017 |
0 |
නැත |
|
එකතුව |
18 |
|
(iii) අදාළ විස්තර පහත පරිදි වේ.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලධාරි වසම |
|
නවගත්තේගම |
643 මොරවැව, 643/1 මහමැද්දෑව, 644 කිරිමැටියාව, 644/1 රඹකතයාගම, 644/2 මහඅන්දරවැව, 644/3 මියැල්ලෑව, 645/1 ඉඟිනිමිටිය නැඟෙනහිර, 645/2 ඉඟිනිමිටිය බටහිර, 645/3 මුල්ලේගම, 645/4 ගෙදරවැව, 646 තම්මැන්නාවැටිය, 646/3 සමෘද්ධිගම, 647 අමුණුවැව, 647/1 කැලේවැව. |
|
ආණමඩුව |
614-මැල්ලන්කුලම, 649 කොට්ටුකච්චිය, 653 ඒ-තල්ගස්වැව, 653 බී-ගල්ලෑව, 655-කොතලකෙමියාව, 655ඒ-තලාකොළවැව, 656ඒ-ආණමඩුව, 656බී-තම්මැන්නාගම |
|
වනාතවිල්ලුව |
637/1 මයිලන්කුලම, මංගලපුර, 636/5 බංඩාරනායකපුර, 635 විජයපුර නැඟෙනහිර, 635/2 රාල්මඩුව, 635/1 පරණ එළුවන්කුලම. 635/1 අළුත් එළුවන්කුලම. |
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලධාරි වසම |
|
පුත්තලම |
615 සෙල්ලකන්දල්, කල්අඩිය 615 ඒ, 615 බී තම්මැන්නාගම, 615 සී නෙළුම්වැව, සිරම්බිඅඩිය. |
|
කරුවලගස්වැව |
පලිගම, එගොඩපිටිය, කුඩාමැදවච්චිය, කරුවලගස්වැව, මුරුකුවටවන. |
|
මහකුඹුක්කඩවල |
612/මොහොරිය, 613 බී/ගල්කුලිය/ නැඟෙනහිර, 613 කවයන්කුලම, 613 බී මහකුඹුක්කඩවල, 614 සී/කිවුල, 614 ඩී දංගහවල, 658-ඒ වල්පාලුව, 611-බරණන්කට්ටුව, 613 ඊ දංගස්වැව, 614 බී/කිවුල තරුණ ව්‍යාපාරය, 614 ඒ කිවුල අංක 01 |
(iv) ඔව්. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය යටතේ ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා සහන (වන්දි) ලබා දීම සිදු කරනු ලැබේ.
(v) දේපල හානි සඳහා (එක් නිවසකට) ගෙවන වන්දි මුදල රු:100,000කි.
ජීවිත හානි හෝ පූර්ණ බෙලහීනතාවය සදහා (එක් පුද්ගලයෙකුට) ගෙවන වන්දි මුදල රු: 500,000කි.
ශාරීරික හානි (අර්ධ බෙලහීනතාවය) සඳහා (එක් පුද්ගලයෙකුට) ගෙවන වන්දි මුදල රු: 75,000කි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks