01

E   |     |  

 දිනය: 2017-11-28   පිළිතුර ලබා දී ඇත 

1649/2017: Paddy purchased by Paddy Marketing Board sold to mill owners

1649/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       2010 වර්ෂයේ සිට මේ දක්වා යල සහ මහ කන්නවල,

               (i)      වී අස්වැන්න;

            (ii)      වී නිෂ්පාදනයෙන්, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ප්‍රමාණය;

           (iii)      වී අලෙවි මණ්ඩලයෙන් සහල් මෝල් හිමියන්ට වී විකුණා තිබේ නම්, එම වී මිලදී ගත් පුද්ගලයන්ගේ නම් හා වී කිලෝවක විකුණුම් මිල;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) දැනට වී අලෙවි මණ්ඩලය ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යනු ලබන වී තොග ප්‍රමාණය කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-28

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks