01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1621/2017: පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය : දේශීයව නිපදවීම

1621/’17

ගරු හේෂාන් විතානගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජන අවශ්‍යතාවය කොපමණද;

            (ii)       වර්ෂ 2011 - 2014 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ලංකාව තුළ ප්‍රධාන වශයෙන් සීනි නිපදවීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ කවරේද;

(iv) වර්ෂ 2011 - 2013 දක්වා එක් එක් කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කරන ලද සීනී ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත (i) හි සඳහන් සීනි ප්‍රමාණය මෙරට තුළ නිෂ්පාදනය කළ නොහැකිද;

(vi) පරිභෝජන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය ආනයනය නොකර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks