01

E   |     |  

 දිනය: 2017-06-09   පිළිතුර ලබා දී ඇත 

1560/2017: "ගමට සවිය - සතොස බඩිය" වැඩසටහන: වියදම

1560/’17

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සමූපකාර තොග වෙළඳ සංස්ථාව විසින් ආරම්භ කරන ලද                        “ගමට සවිය - සතොස බඩිය” ජංගම අලෙවි වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක‍ වන්නේද;

             (ii)      මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන ලද වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ කාලය කොපමණද;

(iv) මේ සඳහා දරන ලද මුළු වියදම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(v) මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;

(vi) එසේ නොමැති නම්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවශ්‍යතාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-09

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks