01

E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1514/2017: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් : චෝදනා

1514/’17

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වර්ෂ 2013 සිට 2016 දක්වා  කාලය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව තිබෙන චෝදනා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)     

වර්ෂය

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව

2013

156

2014

252

2015

128

2016

160

(ii) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වීම පිළිබඳ සැකය මත තමයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. නමුත් වැඩිපුර විමර්ශනය කරගෙන යද්දී, වෙනත් චෝදනා මත නඩු පැවරූ අවස්ථාත් තිබෙන බව පෙනී යනවා. මම උදාහරණ කිහිපයක් කියන්නම්. "මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කර ඇත." යනුවෙන් සඳහන් වෙනවා. ඒ, අත්අඩංගුවට අරගෙන දින කිහිපයකට පසුව. ඊට පසුව තව තිබෙනවා, "සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරා ඇත.", "රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. නඩුව කැඳවීමට නියමිතව ඇත." යනුවෙන්. මේ වාගේ විවිධ චෝදනා මත තමයි පසුව නඩු පවරා තිබෙන්නේ. නමුත් මුලින් සැක පිට අරගෙන තිබෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks