01

E   |     |  

 දිනය: 2017-07-04   පිළිතුර ලබා දී ඇත 

1472/2017: දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල්: ඌව පළාත

1472/’16

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ,

              (i)      සමෘද්ධි සහනාධාර ලබා ගන්නා පවුල් සංඛ්‍යාව;

            (ii)      දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල් සංඛ්‍යාව;

එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ‍වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන සහ සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇතත්, සහනාධාර නොලැබෙන ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-04

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)  (i)

 

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව

01

මහියංගනය

 5,479

02

රිදීමාලියද්ද

 5,252

03

මීගහකිවුල

 2,006

04

කන්දකැටිය

 3,178

05

සොරනාතොට

 2,463

06

පස්සර

 3,136

07

ලුණුගල

 2,259

08

බදුල්ල

 2,640

09

හාලිඇල

 5,634

10

ඌව පරණගම

 6,249

11

වැලිමඩ

 4,633

12

බණ්ඩාරවෙල

 3,697

13

ඇල්ල

 4,201

14

හපුතලේ

 1,773

15

හල්දුම්මුල්ල

  2,377

 

එකතුව

54,977

(ii)

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන පවුල් සංඛ්‍යාව

01

මහියංගනය

 7,765

02

රිදීමාලියද්ද

 7,361

03

මීගහකිවුල

 2,826

04

කන්දකැටිය

 2,955

05

සොරනාතොට

 2,355

06

පස්සර

 5,087

07

ලුණුගල

 4,519

08

බදුල්ල

 3,507

09

හාලිඇල

 7,915

10

ඌව පරණගම

 6,868

11

වැලිමඩ

 7,598

12

බණ්ඩාරවෙල

 3,810

13

ඇල්ල

 4,401

14

හපුතලේ

 4,121

15

හල්දුම්මුල්ල

 4,276

 

එකතුව

75,364

 

(ආ) සමෘද්ධිලාභින් සහ දැනට සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල් දීප ව්‍යාප්ත සමීක්ෂණයකට භාජන කර විධිමත් ක්‍රමවේදයක් යටතේ, ප්‍රධාන නිර්ණායක 06ක් සහ අනු නිර්ණායක 28ක් පාදක කරගනිමින් සුදුසුකම් සපුරාලන අඩු ආදායම්ලාභී පවුල් තෝරා ගැනීම ලකුණු පදනම මත ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ වන විට සිදු කරමින් පවතී.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks