පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු වාසුදේව නානායක්කාර මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා, 2015 වර්ෂයේදී ප්‍රථම වරට අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිට, ඉන් ඉතා උසස් ප්‍රතිඵල ලබා සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍යයන් මේ දක්වා කිසිදු විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගෙන නොමැති බවත්;
(ii) ඉහත ශිෂ්‍යයන්ට ලබාදුන් විශ්වවිද්‍යාල අත්පොතෙහි එම විෂයට අදාළ උපාධි පාඨමාලාව සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළත් කර තිබුනද, එම විශ්ව විද්‍යාලයටද මේ දක්වා කිසිදු ශිෂ්‍යයෙකු ඇතුළත් කරගෙන නොමැති බවත්;
(iii) මෙම ශිෂ්‍යයන්ට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වැනි පහසුකම් සහිත දිස්ත්‍රික්කවලින් අඩු Z අගයක් යටතේ සිසුන් 80 - 90 වැනි සංඛ්‍යාවකට විශ්ව විද්‍යාල වරම් හිමි වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ශිෂ්‍යයන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටද අභියාචනා ඉදිරිපත් කළද මේ වනතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව පිළිගන්නේද;
(ii) අ (i) හි සඳහන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-06
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) Forty five students from Ratnapura District have been admitted under the stream of Bio Systems Technology for the academic year 2015/2016.
(ii) Students were not admitted to the Sabaragamuwa University under the Technology Stream for the Academic Year 2015/2016 due to the issues regarding the facilities that should be provided when admitting students, and facilities required for the continuance of the course. The number of students proposed to be admitted to the Sabaragamuwa University had been admitted to other universities which conduct those courses.
(iii) Since students are admitted to the courses on all-island merit basis and on district merit basis proportionately to the population, the intake from each district differs.
Accordingly, when compare population in Colombo and Ratnapura Districts, the population in Colombo District is a greater number; therefore, 82 students have been selected from Colombo District under the stream Bio Systems Technology.
(b) (i) No unfairness has occurred as per with the existing legalized admissions policy for admitting students for universities.
(ii) In accordance with the Answer (a) (i) above, it would be clarified that there is not any possibility to fulfill this request.
(c) Does not arise.
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks