පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට බාහිර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තිබූ අවස්ථා අඩු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;
(ii) 2016 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීමට අනුමත කරනු ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව ගැහැණු, පිරිමි ලෙස සහ එක් එක් උපාධි පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) 2014, 2015 සහ 2016 වර්ෂයන්හිදී උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 2014, 2015 සහ 2016 වර්ෂයන්හිදි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඉහත (iv) සඳහන් ශිෂ්‍යයන් විසින් හදාරනු ලබන උපාධි පාඨමාලාවන් කවරේද;
(vi) එම එක් එක් පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(vii) ඉහත (v) සහ (vi) සඳහා පිළිතුරු නොදෙන්නේ නම්, ඒ මන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-07
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් තෝරා ගැනීම, ඉගෙනුම් හා ඇගයීම් ක්‍රමවේදය පාඨමාලාවන්හි ගුණාත්මකභාවය හා අදාළත්වය යනාදිය දුර්වල මට්ටමක පවතින බවට පැන නැඟුණු විවේචන හේතුවෙන් බාහිර උපාධි ක්ෂේත්‍රය විධිමත් කිරීමට සහ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කරන ලද අධ්‍යයනයේ නිර්දේශ අනුව බාහිර උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගනු ලබන උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අභ්‍යන්තරව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව නොඉක්මවිය යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
(ii) ඇමුණුම 01* යටතේ දක්වා ඇත.
(iii) ඇමුණුම 02* යටතේ දක්වා ඇත.
(iv) එම ආයතන විශ්වවිද්‍යාල පනතින් ආවරණය නොවේ. ඒ අනුව අදාළ තොරතුරු මෙම අමාත්‍යාංශයට වාර්තා නොවේ.
(v) ඉහත (iv) අනුව අදාළ නොවේ.
(vi) ඉහත (iv) අනුව අදාළ නොවේ.
(vii) විදේශ විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පනත මඟින් නෛතික ප්‍රතිපාදන සැලසී නොමැති හෙයින් මේ පිළිබඳ විස්තර මෙම අමාත්‍යාංශය සතුව නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks