01

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1309/2017: පානීය ජල අවශ්‍යතාව සඳහා වැය කළ මුදල : මාතර දිස්ත්‍රික්කය

1309/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන කවරේද;

(iii) 2014.12.31 දින දක්වා ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින් ලබා දී ඇති ගෘහස්ථ හා ව්‍යාපාරික ජල සම්බන්ධතා ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) 2015.01.01 සිට මේ දක්වා එකී ප්‍රාදේශීය මධ්‍යස්ථාන මඟින් ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) වර්ෂ 2013 සිට 2016 දක්වා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබූ පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iii) ‍මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල සම්බන්ධතා අයදුම් කර ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඔවුන් සඳහා ජල සම්බන්ධතා ලබා දීම සිදුකරන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන ගණන 01කි. ඒ යටතේ ඇති වැඩ භාර නිලධාරි කාර්යාල ගණන 19ක් වේ.

              (ii)      එම ස්ථාන ඇමුණුම් 01හි සඳහන්ව ඇත.

             (iii)      2014.12.31 දින දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ ලබා දී ඇති ජල සම්බන්ධතා ප්‍රමාණය

ගෘහස්ථ

ව්‍යාපාරික (ගෘහස්ත නොවන) 

මුළු ගණන

81,336

5,035

86,371

             (iv)      2015.01.01 සිට මේ දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ ලබා දී ඇති ජල සම්බන්ධන සංඛ්‍යාව.

ගෘහස්ථ   

ව්‍යාපාරික (ගෘහස්ත නොවන)

මුළු ගණන

7,946

781

8,727

(ආ) (i) 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්

ප්‍රතිපාදනය

 

 

වර්ෂය

 

 

 

  2013

  2014

  2015

  2016

වෙනත්

පුනරුත්ථාපන අරමුදල

21,432,000.00

21,642,000.00

20,650,000.00

11,790,000.00

ඇමුණුම II

ප්‍රාග්ධන  අරමුදල

102,261,252.00

55,322,663.00

108,050,714.00

174,193,089.00

ඇමුණුම III

ජලනල දීර්ඝ කිරීම

24,880,278.00

68,679,664.00

29,446,707.00

8,968,773.00

ඇමුණුම IV

එකතුව

148,573,530.00

145,644,327.00

158,147,421.00

194,951,862.00

 

(ii) ජල සැපයුම් ව්‍යාපෘතීන් ලෙස මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි ජල සම්පාදන ක්‍රම මඟින් ජල නල දීර්ඝ කිරීම සිදු කිරීමෙන් විශාල පිරිසකට ජල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

(ඇමුණුම් අංක IV) එක් එක් වර්ෂයන් තුළ සිදු කරන ලද ජලනල දීර්ඝ කිරීම් ව්‍යාපෘතීන් සංඛ්‍යාව පහත සඳහන් පරිදි වේ.

 

                  2013 2014 2015 2016 මුළු           ව්‍යාපෘති              ගණන

ජලනල දීර්ඝ කිරීම්       48      107    36 11 202

මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල සම්බන්ධතා අයදුම් කර ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව 2017.06.30 දිනට 3,447කි. එය ජල සම්පාදන ක්‍රමයන්ට අනුව පහත සඳහන් පරිදි වේ.

ජල සම්බන්ධන අයදුම් කර ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව

ජල සම්පාදන ක්‍රමය

අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ජල සම්බන්ධන අයදුම් කර ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව (2017.06.30)

මාතර/ මිරිස්ස

මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  වැලිගම - තිහගොඩ -දෙවිනුවර ප්‍රා.ලේ. කොට්ඨාසවල කොටසක් අයත් වේ.

         965

මාලිම්බඩ

මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිගම - තිහගොඩ - කඹුරුපිටිය ප්‍රා.ලේ. කොට්ඨාසවලින් කොටසක් අයත් වේ.

           39

දෙවිනුවර

දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මාතර ප්‍රා.ලේ. කොට්ඨාසයේ කොටසක් අයත් වේ.

         714

ගන්දර

දෙවිනුවර හා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කොටසක් අයත් වේ.

 

කෝට්ටගොඩ

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් අයත් වේ.

          283

දික්වැල්ල

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා බෙලිඅත්ත ප්‍රා.ලේ. කොට්ඨාසයේ කොටසක් අයත් වේ.

          792

කුඩාවැල්ල

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් අයත් වේ.

          216

වැලිගම

වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා වැලිපිටිය ප්‍රා.ලේ. කොට්ඨාසයේ කොටසක් අයත් වේ.

        438

 

එකතුව

        3,447

 

(iv) ජල සම්බන්ධතා ලබාදීම සිදු කරන දිනයන්.

මාතර/මිරිස්ස ජල සම්පාදන ක්‍රමයන් ආවරණය වන ප්‍රදේශවල මසකට ජල සම්බන්ධන 50ක් පමණ ලබාදීම සිදු කෙරේ.

මාලිම්බඩ ජල සම්පාදන ක්‍රමය යටතේ ආවරණය වන ප්‍රදේශවල මසකට ජල සම්බන්ධන 10ක් පමණ ලබාදීම සිදු කෙරේ.

දෙවිනුවර හා ගන්දර ජල සම්පාදන ක්‍රමයේ දෙවිනුවර හා ගන්දර ජල කුලුනුවලින් ආවරණය වන ප්‍රදේශවල මසකට ජල සම්බන්ධන 05ක් බැගින් ලබාදීම සිදු කෙරේ.

වැලිගම ජල සම්පාදන ක්‍රමය යටතේ ආවරණය වන ප්‍රදේශවල මසකට ජල සම්බන්ධන 25 බැගින් ලබාදීම සිදු කෙරේ.

කෝට්ටෙගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල ජල සම්පාදන ක්‍රමවල හා දියගහ ජල තටාකයෙන් ආවරණය වන ප්‍රදේශවල ජල සම්බන්ධතා ලබාදීම ඇල්ලකන්ද ජල ව්‍යාපෘතිය, කැකණදුර ජල ව්‍යාපෘතිය සහ මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ ධාරිතාව ඒකක 6,000කින් වැඩි කිරීම යන කෙටි කාලීන ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු අග භාගයේ සිට සීමිත පරිදි සිදු කළ හැක.

මීට අමතරව මාතර අදියර IV ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සියලුම ජල සම්පාදන ක්‍රමයන්හි සීමාවකින් තොරව ජල සම්බන්ධන ලබාදීම 2021 මැද භාගයේ සිට සිදු කළ හැක.

(ඇ) අදාළ නොවේ. 

ඇමුණුම් සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2017-08-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks