01

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1305/2017: 2013 - 2016 මාතර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති බල අපරාධ: විස්තර

1305/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති බල අපරාධ සංඛ්‍යාව, එක් එක් පොලිස් ස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)      ඉහත (i) හි සඳහන් බල අපරාධ සංඛ්‍යාව, අපරාධයෙහි ස්වභාවය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත (i) හි සඳහන් බල අපරාධවල චූදිතයන්ට එරෙහිව ගෙන ඇති නීතිමය පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අපරාධ වාර්තාකර‍ණයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය ඇවතුම් පැවතුම් පිළිබඳ යම් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය පිළිගන්නේද;

(ii) සෑම පාර්ශ්වයකටම එකඟ විය හැකි ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා පියවර ගන්නේද;

(iii) ඉකුත් පාලන සමය හා වත්මන් පාලන සමය තුළ සිදුවී ඇති අපරාධවල ප්‍රමාණය හා ස්වභාවය සළකා බැලීමේදී පැවති හෝ ‍පවතින පාලනය සමඟ සබඳතාවක්  තිබේ යැයි විශ්වාස කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

අනු අංකය

පොලිස් ස්ථානය

බල අපරාධ සංඛ්‍යාව

 

 

 

 

 

2013

2014

2015

2016

01

මාතර

317

351

274

184

02

ගන්දර

62

60

50

38

03

දික්වැල්ල

112

88

73

81

04

තිහගොඩ

64

40

32

57

05

හක්මණ

89

67

54

48

06

කඹුරුපිටිය

92

56

69

60

07

මාවරල

23

28

28

30

08

ඌරුබොක්ක

46

47

50

48

09

වැලිගම

285

254

192

204

10

අකුරැස්ස

96

104

110

101

11

මොරවක

56

53

47

27

12

දෙනියාය

40

36

41

34

13

කනංකේ

13

18

14

11

14

පිටබැද්දර

20

30

38

39

15

කොටවිල

-

-

-

16

16

කොස්මෝදර

-

-

-

04

17

මාලිම්බඩ

-

-

-

07

18

දෙයියන්දර

-

-

-

02

19

රොටුඹ

-

-

-

-

 

එකතුව

1315

1232

1072

991

(ii)

 

අනු  අංකය

අපරාධයෙහි ස්වභාවය

 බල

අපරාධ

සංඛ්‍යාව

 

 

 

2013

2014

2015

2016

01

අපහරණය

23

37

32

25

02

පැහැරගෙන යාම

05

09

12

15

03

ගිනිතැබීම/පුපුරණ ද්‍රව්‍යවලින් අනර්ථය

10

12

11

08

04

රු. 25,000/ට වැඩි අනර්ථය

16

22

10

10

05

ගෙවල් බිඳීම

487

438

378

286

06

බරපතළ තුවාල සිදුකිරීම

22

21

21

27

07

අන්තරාදායක ආයුධවලින් තුවාල සිදු කිරීම

105

89

83

87

08

මනුෂ්‍ය ඝාතනය

25

27

18

21

09

මිනී මැරීමට තැත්කිරීම

06

06

05

09

10

ස්ත්‍රී දූෂණය - අවු. 16ට වැඩි

09

11

17

16

11

ස්ත්‍රී දූෂණය - අවු. 16ට අඩු කැමැත්ත ඇතිව

72

65

60

75

12

ස්ත්‍රී දූෂණය - අවු. 16ට අඩු කැමැත්ත නොමැතිව

02

01

08

05

13

නීති විරෝධී රැස්වීම් කැරලි කෝලාහල

-

-

-

-

14

කොල්ලකෑම

130

106

109

101

15

අස්වාභාවික වැරදි බරපතළ ලිංගික අපයෝජන

16

15

28

19

16

බලෙන් ලබාගැනීම

-

01

04

02

 

17

රු. 300,000/=ට වැඩි සාවද්‍ය පරිහරණය

155

129

111

90

18

රු. 25,000/=ට වැඩි වැවිලි ද්‍රව්‍ය සොරකම

07

07

01

04

19

රු. 25,000/=ට වැඩි ගව සොරකම

03

09

24

20

20

රු. 25,000/=ට වැඩි දේපොළ සොරකම

181

181

112

129

21

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකය හා මුද්‍රණය

01

01

-

02

22

රාජ්‍ය විරෝධී අන්දමින් කරන වැරදි

-

-

-

-

23

ළමයිනට කෲර ලෙස සැලකීම

07

12

-

03

24

ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම

11

13

02

11

25

කුට්ටනය කිරීම හෝ තැනැත්තන් වෙළඳාම

03

-

-

01

26

පීඩාකාරී ආයුධ පනත යටතේ ගැනෙන වැරදි

07

04

07

05

27

ස්වයංක්‍රීය හෝ රිපීටර් තුවක්කු ළඟ තබා ගැනීම

01

01

01

01

28

විස මත්ද්‍රව්‍ය පනත යටතේ වැරදි

11

15

14

17

29

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම

 -

-

04

02

 

එකතුව

1,315

1,232

1,072

991

(iii) ඉහත (i) හි සඳහන් වර්ෂවලදී වාර්තා වී ඇති 4,610ක් වූ සමස්ථ බල අපරාධවල චූදිතයන්ට එරෙහිව ගෙන ඇති නීතිමය පියවර වෙන් වෙන් වශයෙන් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වේ.

                        ගරු කථානායකතුමනි, එම නිසා අද එතුමාට ඒ සියල්ල ලබාදීමට මට නොහැකි වෙනවා.

 

(ආ)         (i)      ඔව්.

මම පිළිගන්නවා. මම මීට පෙර ඒ පිළිබඳව සඳහන් කරලාත් තිබෙනවා. මේවා වාර්තා කරන වාර්තාකරුවන්ට පුහුණුවක් ලබා දෙන්නට ඕනෑ වාගේම, ඉදිරි කාලයේදී  ඒ අය ලියා පදිංචි කරන තත්ත්වයකට අපි දියුණු වෙන්නත් ඕනෑ.

==

(ii) ඔව්.

(iii) නැත. පැවති හෝ වත්මන් පාලන කාල තුළ අපරාධ සහ පාලනය  අතර සබඳතාවක් ඇති බවට කරුණු අනාවරණ වී නොමැත.

ගරු කථානායකතුමනි, මේක වටිනා ප්‍රශ්නයක්. ඇත්තටම 2013 සහ 2014, -ඒ කියන්නේ පැරණි පාලන සමයේ- අපරාධවල එකතුව පිළිවෙළින් 1,315ක් සහ 1,232ක් වෙනවා. ඒ එකතුව 2,547ක්. 2015  සහ 2016 වර්ෂවල වාර්තාවෙලා තිබෙන අපරාධ සංඛ්‍යාව පිළිවෙළින් 1,072ක් සහ 991ක්. ඒ එකතුව 2,063ක්. මේ පාලන සමයේදී  484ක අඩු වීමක් තිබෙනවා. ඒ කියන්නේ, සියයට 19ක විතර අඩු වීමක්.

ගරු කථානායකතුමනි, මෙතැන දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවාද කියලා ගරු මන්ත්‍රීතුමා අහනවා. මා නම් දැක්කේ එතුමා වාගේ මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමක් ඒ කාලයේ සිදු වුණේ නැති බවයි. එතුමන්ලාට ඒ තරම් බලයකුත් තිබුණේ නැහැ. නමුත්, මැදිහත් වූ අය නැතුවාත් නොවෙයි. එවැනි ‍ඥාතීන් සිටියා; ලේකම්වරු සිටියා. ඒ ආකාරයෙන් විවිධ අය මැදිහත් වුණා, ගරු කථානායකතුමනි. ඒ අයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු දෙන්න බැරි හින්දා ඒ අයගේ නම් මා මෙතැන කියන්න යන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. නමුත්, මෙතුමන්ලා වාගේ අය එහෙම මැදිහත් වුණේ නැහැ; දේශපාලන වශයෙන් එවැනි ඇඟිලි ගැසීම් තිබුණේ නැහැ. ඒ නිසා මම එවැනි සම්බන්ධතාවක් දකින්නේ නැහැ.

සමස්තයක් වශයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තුළින් අද පොලිස් නිලධාරින්ට ඔවුන්ගේ රාජකාරිය ඉටු කරන්න අවශ්‍ය අවකාශය ලබා දී තිබෙනවා. ඒ සඳහා අපිත් ඔවුන් උනන්දු කරවනවා. රජයක් වශයෙන් ඔවුන්ට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා; අවශ්‍ය තාක්ෂණය ගෙනැල්ලා දෙනවා. පොලිස් කොමිෂන් සභාව මඟින් අද  සාධාරණය ඉටු කරලා තිබෙනවා. උසස්වීම් ප්‍රතිපත්තිවල අඩු පාඩු තිබෙනවා. දැන් ඒවා සකස් කරමින් පවතිනවා. අද මාරු වීම් ප්‍රතිපත්ති  පිළිවෙළක් කරලා තිබෙනවා. ඒ කටයුතු කෙරෙන නිසා පොලිස් නිලධාරින්ගේ රාජකාරිය නිදහසේ කරන්න අවශ්‍ය වාතාවරණය අද තිබෙනවා. නීතිය හා සාමය පිළිබඳව රජයේ අවධානය දැඩි ලෙස යොමු වෙලා තිබෙන නිසා මේ අඩු වීම සිදු වෙලා තිබෙනවා.

(ඇ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2018-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks